කළු දිනයට අභියෝග කරමින් උතුරු නැගෙනහිර වැසියෝ නිදහස සමරයි (ඡායාරූප)

මෙරට 76 වන නිදහස් දිනය සමරමින් උතුරු පළාත තුළ සංවිධානය වී තිබූ ප්‍රධානතම ජාතික නිදහස් දින සැමරුම ඊයේ (04) යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය හා එම සංවිධානයට අනුබද්ධ සමාජ සාධාරණත්වය සඳහා වූ කාන්තා ව්‍යාපාරය එක්ව යාපනයේ දී පැවැත්වුණා.

එහිදී පැවති රැළියකින් අනතුරුව යාපනය වීරසිංහම් ශාලාවේ දී සංස්කෘතික අංග ඇතුළත් වැඩසටහනක් ද සංවිධානය කර තිබුණා.

මේ අතර නිදහස් දිනය වෙනුවෙන් ජාතික ධජය නිරූපණයවන අයුරින් සරුංගල් සංදර්ශනයක් ද පවත්වනු ලැබුවේ යාපනය පන්නෙයි වෙරළ තීරයේ දීයි.

යාපනයේ පැවති නිදහස් දින රැළියට අමතරව වන්නි ජනපවුර නැමති සංවිධානය විසින් දැවැන්ත රථ පෙළපාලියක් පවත්වා තිබෙනවා.

මේ අතර නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ද නිදහස් දින සැමරුම් ඉතා අභිමානවත්ව පවත්වනු ලැබුවා.

මෙහිදී ත්‍රිකුණාමලය නගරයේ දී සියළු ජාතීන් සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කරන ලද නිදහස් දින පාගමන ප්‍රමුඛත්වයක් ගත් අතර, තවත් සැමරුම් උත්සව කිහිපයක් කන්තලේ සහ සේරුනුවර පවත්වා තිබුණා.

එමෙන්ම මඩකලපුව ප්‍රදේශයේ දී ද නිදහස් සැමරුමක් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ බවයි වාර්තා වුණේ.

කාත්තන්කුඩි, එරාවූර් හා ගාන්ධි උද්‍යානය ආශ්‍රිතව ද විවිධ නිදහස් සැමරුම් සංවිධානය කර තිබුණු අතර, මෙහිදී මඩකලපුව නගරය ආශ්‍රිතව රථ පෙළපාලියකින් ද පවත්වනු ලැබුවා.

මේ අතර අම්පාර දිස්ත්‍රික්කය තුළ විවිධ නිදහස් දින සැමරුම් උත්සව සංවිධානය කර තිබූ අතර අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව හා පොතුවිල් ප්‍රදේශවල නිදහස් උත්සවය විශාල සංඛ්‍යාවක් පවත්වනු ලැබුවේ නිදහස් දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද පාර්ශවවලට අභියෝග කරමින්.

මෙහි තවත් සුවිශේෂී සැමරුමක් සංවිධානය කිරීමට අම්පාර, ගෝනගල ප්‍රදේශයේ අගතියට පත්වූ පාර්ශවයන් කටයුතු කර තිබූ අතර, 1999 දී එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් විසින් කපාකොටා සමූල ඝාතනය කරන ලද පුද්ගලයින්ගේ ඥාතීන් විසින් මෙම සැමරුම සංවිධානය කර තිබුණා.

මේ අතර උතුරු නැගෙනහිර ප්‍රධානතම දමිළ දේශපාලන පක්ෂය නිදහස් දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් විරෝධතාවක් ද සංවිධානය කර තිබුණේ ඊයේ (04) දිනයේ දීයි.

WhatsApp Image 2024 02 05 at 8.46.30 AM 1
WhatsApp Image 2024 02 05 at 8.46.28 AM 1
WhatsApp Image 2024 02 05 at 8.46.28 AM
WhatsApp Image 2024 02 05 at 8.46.27 AM 1
WhatsApp Image 2024 02 05 at 8.46.19 AM
WhatsApp Image 2024 02 05 at 8.46.29 AM
WhatsApp Image 2024 02 05 at 8.46.24 AM 1
WhatsApp Image 2024 02 05 at 8.46.23 AM
WhatsApp Image 2024 02 05 at 8.46.24 AM
WhatsApp Image 2024 02 05 at 8.46.20 AM
ffd04e38 6a57 466e abb2 1608a0af8771


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55