කළු ගඟ හොදටම කහ පාටයි- රෑ දවල් නැතුව මොකක්ද මේ කරන්නේ ? (වීඩියෝ)

රත්නපුර කළු ගඟ අවට බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සිදුකරන මැණික් ගැරීමේ කටයුතු හේතුවෙන් බරපතළ පාරිසරික හානියක් සිදුවන බවට පළවන වාර්තා සොයා බැලීම සඳහා දසත රෙඩ්ලයිට් කණ්ඩායමක් පසුගියදා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

එහි දී දැකගන්නට ලැබුනේ රත්නපුර කිරිඇල්ල නගර මධ්‍යයෙන් දකුණට හැරී මද දුරක් ගිය විට හමුවන ඓතිහාසික වටිනාකමක් ඇතැයි පැවසෙන කොටුගොඩැල්ල වත්ත ප්‍රදේශයේ බලපත්‍ර නීති රීති උල්ලාංඝණය කරමින් සිදු කරන කැණීම් කටයුතු හේතුවෙන් සිදුව ඇති දැඩි පරිසර හානියයි.

මෙරට ඇති සිව් මහා ගංගාවන්ගෙන් ප්‍රධාන ගංගාවක් වන කළු ගඟ රත්නපුර කිරිඇල්ල ආදී ප්‍රදේශ පසු කරමින් ගලා බසින්නේ ප්‍රදේශයට දැඩි සුන්දරත්වයක් සහ සමාජ සහජීවන රටාවට අපිරිමිත සහයෝගයක්ද එක් කරමින්.

නමුත් මේ සුන්දරත්වය යට සැඟවී ඇති මහා ධන නිධාන හේතුවෙන් මේ වන විට ඇයව අඛන්ඩව දූෂණයට ලක් වනවා.

ඉමක් කොනක් නැතිව කළුගඟ ඉවුර දෙපස මෙන්ම ඇතැම් අවස්ථාවලදී කළු ගඟ මධ්‍යයේ පවා බර යන්ත්‍ර උපයෝගී කරගනිමින් සිදුකරන මැනික් පතල් කැණීම් කටයුතු හේතුවෙන් කළු ගඟට සිදුව ඇත්තේ බරපතල හානියක්.

නිරන්තරයෙන් දිවා රෑ නොමතිව සිදු කරනු ලබන මැණික් ගැරීමේ සහ අනෙකුත් භූගත ඛනිජ සම්පත් කැණීමේ කටයුතු හේතුවෙන් කළු ගඟ මේ වන විට කහ වී ඇති අයුරු දැක ගැනීමට අප කණ්ඩායමට හැකි වුණා.

මෙම පතල් පොළවල් ඉල්ලම් සෝදා කළු ගඟට මුදා හැරෙන මඩ මිශ්‍ර ජලය හේතුවෙන් මෙලෙස කළුගඟ බරපතල ලෙස දූෂණයට ලක් ව ඇති බවටයි ප්‍රදේශවාසීන් අප සමග පවසා සිටියේ.

මෙහිදී අප සමඟ අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙක් කැමරාව ඉදිරියේ අදහස් දැක්වීමට මැලිකමක් දැක්වූයේ මෙම පතල් සිදු කරන පුද්ගලයින්ගේ තර්ජන වලට ලක්වීමට ඇති බිය හේතුවෙන්.

ඇතැම් පතල් කනින්නන් බර යන්ත්‍ර උපයෝගී කරගනිමින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පතල් කැණීම් බලපත්‍රයේ ඇති කොන්දේසි ඉවක් බවක් නොමැතිව උල්ලංඝනය කරමින් සිදු කරන කැණීම් හේතුවෙන් කළු ගං ඉවුරටත් දැඩි හානි සිදු ව ඇති ආකාරය අපට නිරීක්ෂණය වුණා.

මේ අතරින් කොටුගොඩැල්ල වත්ත ප්‍රදේශයේ සිදු කරන පතල් කැණීම බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් සිදු කරන බවට ලද තොරතුරක් මත පසුගිය දා හොරණ විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් එම පතල් භූමිය නිරීක්‍ෂණයට ලක් කලා.

එහි දී ඔවුන්ට දැකගැනීමට හැකි වුණේ මෙම කැණීම් කටයුතු සිදුකරන්නන් විසින් දැඩි ලෙස බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කැණීම් කටයුතු සිදුකර ඇති ආකාරයයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකා නිලධාරීන් අදාළ කැණීම් සිදුකළ යන්ත්‍රය සිය භාරයට ගැනීමටත් කටයුතු කළා.

කෙසේ වෙතත් පොලිසියට මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත නොහැකිවීම නිසා විශේෂ කාර්ය බළකා නිලධාරියා කටයුතු කළේ ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඇහැලියගොඩ කාර්යාලයේ නිලධාරියාව කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමයි.

මෙහි දී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරියා ද අදාළ කැණීම බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන්නක් බව පිළිගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ කැණීම් කටයුතු තාවකාලිකව නැවැත්වීමට ඔහු උපදෙස් ලබා දුන්නේ කැනීම් බලපත්‍ර ද සිය භාරයට ගැනීමෙන් අනතුරුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08