කළු කඩ වෙළඳපොළේ මිලියන ගණන්වලට විකිණෙන ඉන්දු – පාකිස්ථාන තරගයේ ටිකට්

එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවදානයක් දිනාගෙන ඇති තරගය වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයේ ප්‍රවේශපත් සියල්ල මේ වනවිට අලෙවි වී අවසන්ව තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත් අලෙවිය ආරම්භ කර දින හතරකට පසු එම තරගයේ ප්‍රවේශපත් සියල්ල අලෙවි වී අවසන් වූ බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම්කර ඇති මෙම තරගයේ ප්‍රවේශපත් මේ වනවිට කළු කඩ වෙළඳපොළේ ඉතා අධික මිල ගණන්වලට අලෙවි වන බවයි තොරතරු වාර්තා වන්නේ.

එලෙස අලෙවි වන ප්‍රවේශපත් ඉන්දීය රුපියල් ලක්ෂ 56ක් තරම් ඉහළ අගයකට මිලකර ඇති බවයි දැන්ගන්නට ලැබුණේ.

ඉන්දියාවේ ඇතැම් වෙබ් අඩවි ඔස්සේ මෙම ප්‍රවේශපත් මෙලෙස ඉහළ මිල ගණන්වලට අලෙවියට තබා ඇති ආකාරය ද දැකගත හැකි වනවා.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරග ඔක්තෝම්බර් මස 14 වනදා පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

12
11


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51