කළුබෝවිල රෝහලේ තදබදය ගැන රාජ්‍ය ඇමති අදහස් දක්වයි

කළුබෝවිල ශික්ෂණ රෝහලේ කොවිඩ් ආසාදිත වාට්ටුවේ තදබදය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය කළ අනාවරණය පිළිබඳව සොයා බැලීම සඳහා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම ස්ථානයට ගොස් තිබේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එය තාවකාලිකව ඇති වු තදබදයක් බවය.

“ඒක තාවකාලිකව ඇති වුණ තත්ත්වයක්. මොකද පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරලා වාට්ටුවට යවන තුරු තාවකාලිකව ඇතු වුණ තදබදයක්. අද වන විට ක්‍රමානුකූලව යථාතත්ත්වයට පත්කරලා තියෙනවා. දැනට රෝගීන් ප්‍රමාණයක් සිටිනවා නිවෙස්වල ප්‍රතිකාර ලබන ඒ වගේම තමයි කළුබෝවිල ශික්ෂණ රෝහල තුළ අලුතින් වාට්ටු දෙකක් හඳුන්වලා දීලා තියෙනවා කොවිඩ් -19 රෝගීන් සඳහා ඒ නිසා රෝගීන්ගේ තදබදයක් කළුබෝවිල රෝහලේ දක්නට නෑ. මෘත ශරීරාගාරයේ විශේෂඥ අධිකරණ වෛද්‍යතුමත් සමඟ අපි සාකච්ඡා කළා. මේ වන විට මෘත ශරීර එකතුවන තත්ත්වයත් කළුබෝවිල රෝහලේ දක්නට ලැබෙන්නේ නෑ. මෙතැන යම් ප්‍රශ්නයක් තියෙන්නේ ශීතාගාර 37කින් 20ක පමණ කොවිඩ් -19 නොවන රෝගීන්ගේ පැරණි මෘත ශරීර තියෙනවා හඳුනා නොගත්.  නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඒවා ආදාහනය හෝ භූමදානය කිරීමට මේ සතියේ දී කටයුතු කරනවා.” 

මේ අතර සංචරණ සීමා නිදහස් කිරීමක් රට තුළ සිදුනොකළ බවත් ජනතාවගේ පහසුව වෙනුවෙන් ඇතැම් නීති හඳුන්වා දුන් බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, සියලුදෙනා සාමුහිකව රට තුළ පවතින තත්ත්වයට මුහුණදිය යුතු යැයි ද කියා සිටියේය.

වෘත්තීය සමිති උද්ඝෝෂණ නවත්වා දමමින් රටේ තත්ත්වය තේරුම් ගෙන ක්‍රියාකිරීම පිළිබඳ ඔවුන්ට ස්තූතිය පුදකරන බවත් ඉදිරියට එන සති තුන ඉතාමත් තීරණාත්මක වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51