කළුතර – සේරුපිට පුද්ගල ඝාතනයක්

කළුතර, සේරුපිට ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රියේ තියුණු ආයුධයකින් ගෙළ කපා ශ්‍රවණ සහ කථන ආබාධිත පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ කළුතර, සේරුපිට. කොළඹගේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී බීමතින් සිට තිබෙනවා.

සැකකරු ඝාතනයට ලක් වූ පුද්ගලයාගෙන් ණය මුදලක් ලබාගෙන ඇති බවත්, එම ණය මුදල යළි ඉල්ලුම් කළ අවස්ථාවක මීට ඉහත දී දෙදෙනා අතර කිසියම් ආරවුලක් සිදුව ඇති බව ඝාතනයට ලක්වූ තැනැත්තාගේ දියණියක විසින් පොලිසියට ප්‍රකාශයක් ද ලබා දී තිබෙනවා.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල වෙත යොමුකර ඇති අතර, කළුතර දකුණ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14