කළුතර සිසුවියට අවසන් ඇමතුම ලබාදුන්නේ කවු ද ? – තිදෙනෙකුගේ දුරකථන ජාල විශ්ලේෂණයට

කළුතර නගරයේ පිහිටි පස් මහල් ලැඟුම්හල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මිය ගිය පාසල් සිසුවියගේ මරණයට අදාළව අත්අඩංගුවට ගත් මිතුරිය සහ ඇගේ පෙම්වතා අද (15) දිනයේ යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර 19 හැවිරිදි මිතුරියගේත් ඇයගේ පෙම්වතාගේ සහ සිසුවිය සමඟ ලැඟුම්හල් කාමරයේ රැඳී සිටි සීසර්වරයාගේ දුරකථන ජාල විශ්ලේෂණයකට යොමු කිරීම කෙරෙහි ද විමර්ශන සිදුකරන අංශවල අවධානය යොමුව තිබෙනවා.

ඒ, අනුව මේ සඳහා අවශ්‍ය නියෝග අද (15) දිනයේ දී කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මියගිය සිසුවියට අවසන් වරට දුරකථන ඇමතුම ලබාදුන්නේ කවුරුන් ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති අතර, ඇතැම් මාධ්‍ය වාර්තා කළේ එම දුරකථන ඇමතුම ඇය ලැඟුම්හල වෙත කැඳවාගෙන ආ 19 හැවිරිදි මිතුරිය විසින් ලබාගෙන ඇති බවයි.

සිසුවියට ලැබුණු අවසන් දුරකථන ඇමතුමෙන් පසු කළබලයට පත්ව ඇය ජනේලයෙන් පිටතට පැන්න බවටයි මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02