කළුතර මහාධිකරණයෙන් දෙදෙනෙකුට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊට වරදකරු කරමින් කළුතර මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබෙනවා.

මෙලෙස ඊයේ (07) දින මරණ දඬුවම නියම කෙරුණේ මතුගම, නැගෙණහිර බෝපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 48ක පුද්ගලයෙකුට සහ කළුතර, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකුටයි.

කළුතර මහාධිකරණවිනිසුරු චන්න අබේරත්න මහතා විසින් මෙලෙස මරණ දඬුවම් නියම කෙරුණේ මීට වසර 16 කට ඉහත දී මතුගම ප්‍රදේශයේ සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන්.

2007 වසරේ අප්‍රේල් මස 18 වන දින මතුගම පොලිස් වසමට අයත් බෝපිටිය – සාරානන්ද මාවතේ තිබූ අවමංගල්‍ය උත්සවයකට තම පුතුන් දෙදෙනා සමඟ සහභාගී වී සිටි පුද්ගලයෙක් එහි සිටි පිරිසක් සමඟ ඇතිකරගත් බහින්බස් වීමක් දුරදිග ගොස් එම පුද්ගලයාට පහර දී තිබෙනවා.

එම පහරදීමේ දී අදාළ පිරිස තියුණු ආයුධවලින් කපා කොටා එම පුද්ගලයාව ඝාතනය කර ඇති බවයි අනාවරණය වුණේ.

මෙම ඝාතනයට අදාළව මතුගම පොලිසිය මඟින් සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.

මෙම සම්බන්ධයෙන් වසර 16ක දීර්ඝ නඩු විභාගයක් පැවති අතර, එහිදී සැකකරුවන් 10 දෙදෙනෙකුට අධිකරණය මඟින් නිදහස් කෙරුණා.

ඒ, අනුව ඝාතනයට වරදකරුවන් වූ සැකරුවන් දෙදෙනාටයි ඊයේ (07) දින මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14