කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධියේ සැකකරුවන් 3ක් යළි රිමාන්ඩ්

කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී 16 හැවිරිදි පාසල් සිසුවියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් හතර දෙනා සහ ඇපමත සිටින සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි ඉන් තිදෙනෙකු ලබන ජුනි 23 දා දක්වා යළි බන්ධනාගාර ගත කරන ලෙසට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවේ.

දැරිය පස්මහල් ගොඩනැගිල්ලෙන් ඇදවැටෙන මොහොතේ ඇය සමග කාමරයේ සිටි බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය බව කියන සැකකරුවන් වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයා සහ ඔහුගේ පෙම්වතිය බව කියන නාගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ.

ප්‍රධාන සැකකරුගේ රියදුරු ලෙසින් කටයුතු කල බව කියන 3 වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියගේ කරුණු දැක්වීමෙන් පසු ඔහු දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කෙරුණු අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ගන්නා ලෙසත් නඩු කටයුතු අවසන් වන තෙක් විදෙස් ගමන් තහනම් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස ද නියෝග කෙරුණු අතර ඇප කොන්දේසි සම්බන්ධයෙන් අධිකරණය දැඩි අවධානය යොමු කරන බව සඳහන් කරමින් සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9 ත් 12 ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

එමෙන්ම ඇපකරුවන්ගේ පදිංචිය සනාථ කරන ලෙස ද නියෝග කර තිබෙනවා.

1, 2 සහ 5 සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවත්, ඔවුන්ගේ ජංගම දුරකථන තුන සහ කාමරයේ තිබී සොයාගන්නා ලද බෝතල් දෙකක ඉතිරිව තිබූ මත්පැන් රජයේ රස පරීක්ෂක වෙත යැවීමට අවසර දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දකුණු කළුතර, ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටි සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ තිබී පසුගිය මැයි මස 6 වනදා සොයාගන්නා ලද කළුතර, නාගොඩ දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ දැරිය මිය යාමට අදාළව සිදු කරන පරීක්ෂණවලට සහාය දෙන බවත් ඕනෑම කොන්දේසියක් යටතේ එම සැකකරුවන්ට ද ඇප ලබාදෙන ලෙසටයි.

එහෙත් සැකකරුවන්ට ඇප ලබාදුන හොත් සාක්ෂි වසන් වීමට ඉඩ ඇති බැවින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ලබාදීමට විරුද්ධව කරුණු දැක්වූවා.

නඩුව ලබන 23 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.

  1. 19YI THAMA TEEN,EITH KORAGANNA ONA EWA OKKOMA KORAGENA. GENU BUSINESS KARALA, MINIMARANNA, DUSHANAYA KARANNA, APARADHA KARANNA IDHA DEELA, MINEE MARUWAYIN PASSE SANGAWANNA UDHAWU WELA, ITA PASSE PENALA GIHIN HANGILA. OKA KARANNA KALIN EYA OYA OKKOMA KORAGENA INNA ONA NEDHA ADU GANE AWURDDAK WATH PALAPURUDDHA. 19 UNATA 59 KA HUMBAHA WAGEYI ATHI DAN. THUP NODOKIN MEHEMA UN.