spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කළුතර නිවසක කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර, ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක තිබී ඊයේ (17) රාත්‍රියේ වයෝවෘධ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමු වී තිබෙනවා.

කළුතර දකුණ පොලිසිය පැවසුවේ මොවුන් දෙදෙනාගේම මළ සිරුරු නරක් වී ඇති බවත් ඔවුන් දෙදෙනාම දින කිහිපයකට පෙර මිය යන්නට ඇති බවට සැක කරන බවත්ය.

ප්‍රදේශවාසීන් විසින් අදාළ නිවස තුළින් අධික දුර්ගන්ධයක් හමන බවට පොලිසියට කළ දැනුම්දීමක් අනුවයි මෙම මළ සිරුරු සොයාගෙන ඇත්තේ.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?