spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කළුතර දී ලොරි රථයක් පුද්ගලයෙකු බිලිගනී

කළුතර උතුර තොටුපොළ මංසන්ධියේ අපරීක්ෂාකාරී ලෙස මාර්ගය හරහාම ගමන් ගත් පුද්ගලයකු ලොරියක ගැටී මරුට. CCTV සහිතව

අද (12) සවස කළුතර, තොටුපොළ මංසන්ධියේ අපරීක්ෂාකාරී ලෙස මාරුවෙමින් සිටී පුද්ගලයෙකු ලොරි රථයකට යටවීමෙන් මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ කෙරවලිපිටිය, හැදල, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටී 49 හැවිරිදි පුද්ගලයෙකි.

ලොරි රථය වාද්දුව දෙස සිට කළුතර දෙසට ගමන්කර ඇති අතර, කළුතර තොටුපළ මංසන්ධිය ආසන්නයේ දී ගොඩබිම දෙස සිට මුහුදුබඩ දෙසට පාර මාරුවෙමින් සිටිය දී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

අනතුර සිදුවන ආකාරය අසල තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබෙනවා.

ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

කළුතර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?