කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (13) උදෑසන ගින්නක් හට ගත්තා.

එම කාර්යාලයේ බිම් මහලේ විදුලි පද්ධතියේ මෙම ගින්න ඇති වී තිබුණා.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න නිවීමට කටයුතු කළ අතර, ගින්නෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

ගින්නෙන් පසු කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලිය විසන්දී වී ඇති බවයි වාර්තා වුණේ.