කළුතර චන්ඩින්ගේ කල්ලියකට වැඩ වරදී

පසුගිය දා කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ දූව පන්සල පාර නිවසකට තියුණු ආයුධ සමඟ ඇතුළු වී එම නිවසේ දේපළවලට හානි කරමින් එම නිවසේ පුද්ගලයින් බිය ගන්වා පහරදීම් සිදුකළ කළුතර සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙක් විශේෂ කාර්ය බළකායේ ද සහාය ඇතිව කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම පහරදීම සිදුකොට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

විශේෂ කාර්ය බළකාය මගින් පුද්ගලයින් තුන්දෙනෙක් කළුතර දූව පන්සල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර,එම පුද්ගලයින් කළුතර අපරාධ කොට්ඨාසය වෙත භාරදීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් වලදී මෙම පහරදීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පහරදීම සඳහා භාවිතා කළ කුලී පදනම මත ලබාගත් සුඛෝභෝගී මෝටර් රථයක් ද පොලිස් භාරයට ගත බව පොලිසිය පවසනවා.

මෙම පහරදීම සඳහා භාවිතා කළා තියුණු ආයුධ පහක්ද පොලිස් බාරයට ගෙන ඇති අතර මෙම තියුණු ආයුධ භාවිතා කරමින් මෙම කණ්ඩායම විසින් කළුතර හා අවට ප්‍රදේශ රැසකටම පුද්ගල පහරදීම්, බිය වැද්දවීම් සහ දේපළ හානි කිරීම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා ලබා ඇති කණ්ඩායමක්.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43