spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කළුතරදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදුන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කළුතර නගර මධ්‍යයේදී බස් කොන්දොස්තරවරයෙකුට තියුණු ආයුධයකින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ කළුතර හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්. පහරදීම සිදු කළ තියුණු ආයුධයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම පහරදීම සිදු කළ පසුගිය 13 වනදා දහවල් කළුතර ප්‍රධාන බස් නැවතුම්පල තුළ පාසල් යන වයසේ සිසුන් පිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් සිදුව තිබුණා. එම ගැටුම නිරාකරණයට මැදිහත් වූ බස් මෙම බස් රථ කොන්දොස්තරවරයා එක් සිසුවෙකුට කම්මුල් පහරක් දී පිටව යන ලෙස අවවාද කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

ඉන් කෝපයට පත් එක් සිසුවෙකු තවත් මිතුරන් දෙදෙනෙකු සමග පැමිණ මෙම කොස්දොස්තරවරයාට පහරදී ඇතැයි සඳහන්.

ඉන් ඔහුගේ දෙඅත්වලට බරපතළ හානි සිදුව ඇති අතර ඔහුට මේ වන විට සැත්කම් කිහිපයක් ද සිදු කිරීමට අවශ්‍ය බවයි කළුතර ශික්ෂණ රෝහල ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට පත් සැකකරු මෙම පහරදීමට පැමිණි පුද්ගලයින් තුන්දෙනාගෙන් ප්‍රධාන සැකකරු බවයි හෙළිවී ඇත්තේ.

පහරදීම සිදුකල තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙහිදී පහරකෑමට ලක්ව වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක්දරු පියෙකු වූ පෞද්ගලික බස් කොන්දොස්තරවරයා මේ වනවිටත් රෝහල් ගතව සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?