කළුතරදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදුන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කළුතර නගර මධ්‍යයේදී බස් කොන්දොස්තරවරයෙකුට තියුණු ආයුධයකින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ කළුතර හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්. පහරදීම සිදු කළ තියුණු ආයුධයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම පහරදීම සිදු කළ පසුගිය 13 වනදා දහවල් කළුතර ප්‍රධාන බස් නැවතුම්පල තුළ පාසල් යන වයසේ සිසුන් පිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් සිදුව තිබුණා. එම ගැටුම නිරාකරණයට මැදිහත් වූ බස් මෙම බස් රථ කොන්දොස්තරවරයා එක් සිසුවෙකුට කම්මුල් පහරක් දී පිටව යන ලෙස අවවාද කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

ඉන් කෝපයට පත් එක් සිසුවෙකු තවත් මිතුරන් දෙදෙනෙකු සමග පැමිණ මෙම කොස්දොස්තරවරයාට පහරදී ඇතැයි සඳහන්.

ඉන් ඔහුගේ දෙඅත්වලට බරපතළ හානි සිදුව ඇති අතර ඔහුට මේ වන විට සැත්කම් කිහිපයක් ද සිදු කිරීමට අවශ්‍ය බවයි කළුතර ශික්ෂණ රෝහල ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට පත් සැකකරු මෙම පහරදීමට පැමිණි පුද්ගලයින් තුන්දෙනාගෙන් ප්‍රධාන සැකකරු බවයි හෙළිවී ඇත්තේ.

පහරදීම සිදුකල තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙහිදී පහරකෑමට ලක්ව වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක්දරු පියෙකු වූ පෞද්ගලික බස් කොන්දොස්තරවරයා මේ වනවිටත් රෝහල් ගතව සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14