කළුගල් අපනයනයට පියවර (වීඩියෝ)

ඉදිරියේදී කළුගල් අපනයනය කිරීමට පියවර ගන්නා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සංජේ පෙරේරා මහතා පවසනවා.

සභාපතිවරයා පවසන්නේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු අඩාලවීමත් සමග කළුගල් කොරි වැසීයාම නවතා ගැනීමට පිළියමක් ලෙස මෙම තීරණය ගන්නා බවයි.

කෙසේ වෙතත්, ව්‍යාපාරිකයෙකුගේ අවශ්‍යතා සපුරාලීමට භූ විද්‍යා නිලධාරීන් කළුගල් අපනයනයට තීරණය කර ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණා.

හම්බන්තොට වරාය ඉදිකිරීමේදී කඩා ඉවත් කරන ලද කළුගල් මෙට්‍රික් ටොන් මිලියනයක් මාලදිවයිනට අපනයනය කිරීමට ව්‍යාපාරිකයෙකු සුදානම් වන බවත් ඒ් සදහා කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවටත් පසුගියදා මාධ්‍ය වාර්තා පළ වුණා. එම කැබිනට් පත්‍රිකාව සකස් කර ඇත්තේ පරිසර අමාත්‍යාංශයයි.

ඒ ප්‍රමිතියෙන් බාල බෙහෙත් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යංශයේ විෂයභාර අමාත්‍යවරයා වන පසුබිමකයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෙම කාර්යයට අත ගැසූ අනිත් පාර්ශ්වය වනවා. එහි වත්මන් සභාපති ආචාර්ය සංජේ පෙරේරා මහතා රත්‍රං මිශ්‍රිත පස් කන්ටේනරයක් නීති විරෝධීව මෙරටින් පිටකිරීමට නිලධාරීන්ට කළ බලපෑම් සම්බන්ධයෙන් දසත නිවුස් අවස්ථා කිහිපයකදීම රටට කරුණු අනාවරණ කළා.

එම අනාවරණයේදී ඔහු ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ නම් අවභාවිත කර තිබූ බවද හෙළි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29