කළගෙඩිහේන ඉන්ධන පිරවුම්හලේ පිහි ප්‍රහාරයක් – පහක් රෝහලේ

කළගෙඩිහේන ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පස්දෙනෙකු තියුණු ආයුධ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

නිට්ටඹුව පොලීසිය පැවසුවේ අද (18) අලුයම ඇති වූ නොසන්සුන්තාවක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

දෙපිරිසක් අතර මීට පෙර පැවති ආරවුලක් පිළිබඳ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම නොසන්සුන්තාව ඇතිව තිබෙනවා.

තුවාල ලැබූ තිදෙනෙකු වතුපිටිවල මූලික රෝහලේ සහ අනෙක් දෙදෙනා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.