spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කහටගස්දිගිලියේ වගා ළිඳක තිබී සොයාගත් මළ සිරුරේ අභිරහස හෙළිවෙයි

කහටගස්දිගිලිය ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳක තිබී සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

අදාල පුද්ගලයා වෙනත් ස්ථානයක ඝාතනය කිරීමෙන් පසු මළ සිරුර එම වගා ළිඳට ගෙනවිත් දමා ඇති බවයි හෙළිව ඇත්තේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකළ මහේස්ත්‍රාත් පරීක්ෂණනයේ දී තියුණු ආයුධයකින් ගෙළ ප්‍රදේශයට පහරදී ඝාතනය කර ඇති බව කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයා පසුගිය තුන්වන දින නාට්‍යයක් බැලීමට ගොස් නැවත නිවසට යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කහටගස්දිගිලිය, දිවුල්වැව ව්‍යාපාරය, පහළ කුඩාපට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 30ක පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?