කහටගස්දිගිලියටම කේ.ජී බෙදූ යුද හමුදා කෝප්‍රල්ගේ ජාවාරම

කේරළ ගංජා කිලෝ තුනහමාරක් සමඟ යුද හමුදා කෝප්‍රල්වරයෙක් කහටගස්දිගිලිය පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

කහටගස්දිගිලිය පොලිසිය ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දීයි නිවස තුළ සඟවා තිබූ කේරළ ගංජා පාර්සල් දෙකක් සොයාගැනීමට හැකිව ඇත්තේ.

39 හැවිරිදි මෙම කෝප්‍රල්වරයා විසින් කලක සිට රාජකාරි නිමකර නිවසට පැමිණෙන විට මෙලෙස කේරළ ගංජා රැගෙන විත් ප්‍රදේශයේ විවිධ පුද්ගලයින් අතර බෙදාහැර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකාර යුද හමුදා කෝප්‍රල්වරයා බොරලැස්ගමුව යුද හමුදා කඳවුරේ 01වන වෛද්‍ය බලකායට අනුයුක්තව සේවය කළ අයෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (02) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30