spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කහටගස්දිගිලියටම කේ.ජී බෙදූ යුද හමුදා කෝප්‍රල්ගේ ජාවාරම

කේරළ ගංජා කිලෝ තුනහමාරක් සමඟ යුද හමුදා කෝප්‍රල්වරයෙක් කහටගස්දිගිලිය පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

කහටගස්දිගිලිය පොලිසිය ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දීයි නිවස තුළ සඟවා තිබූ කේරළ ගංජා පාර්සල් දෙකක් සොයාගැනීමට හැකිව ඇත්තේ.

39 හැවිරිදි මෙම කෝප්‍රල්වරයා විසින් කලක සිට රාජකාරි නිමකර නිවසට පැමිණෙන විට මෙලෙස කේරළ ගංජා රැගෙන විත් ප්‍රදේශයේ විවිධ පුද්ගලයින් අතර බෙදාහැර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකාර යුද හමුදා කෝප්‍රල්වරයා බොරලැස්ගමුව යුද හමුදා කඳවුරේ 01වන වෛද්‍ය බලකායට අනුයුක්තව සේවය කළ අයෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (02) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?