කසිප්පු වටලන්න ගිය පොලිසියේ දෙදෙනෙකුට ගුටි පූජාවක්

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් ඊයේ (05) රාත්‍රියේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු හත්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලත්සිංහල, පහළ වෙල්ගම ප්‍රදේශයේ පදිංචි 27, 24, 26,34,60 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් පස්දෙනෙක් සහ 46 සහ 20 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක්.

අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා නීති විරෝධී මත්පැන් වැටලීමකට ගොස් සීටිය දී මෙම පහරකෑමට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

පහර කෑ නිලධාරීන් දෙදෙනා බුලත්සිංහල රෝහලට ඇතුලත් කළ බවයි බුලත්සිංහල පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.