spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කසිප්පු බී මියගිය බවට සැක තිදෙනාගේ අවසන් කටයුතු අද

මේ අතර ඔවුන් මියගොස් ඇත්තේ නීති විරෝධී මත්පැන් විෂවීමකින් බවට ප්‍රදේශවාසීන් නගන චෝදනාව මත අදාළ මත්පැන් අලෙවි කල පුද්ගලයා ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසීයට කැඳවා තිබෙනවා.

හොරණ – වරකාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය සෙනසුරාදා පෙරවරුවේ හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.

මොවුන්ට වමනය හිසරදය බඩ විරේක වීම වැනි රෝගී ලක්ෂණ තිබී ඇති අතර, ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටිය දී එක් පුද්ගලයෙක් සෙනසුරාදා පස්වරුවේ මියගොස් තිබෙනවා.

පසුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා ද මියගොස් ඇති බව අප වාර්තාකරු සදහන් කළා.

මෙම පුද්ගලයන් තිදෙනා හදිසියේ ඇතිවූ හෘදයාබාධ වලින් මියගොස් ඇති බව හොරණ මූලික රෝහලෙන් නිතුක් කළ වෛද්‍ය වාර්තවල දැක්වෙනවා.

එහෙත් මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් පවසන්නේ ඔවුන් නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් පසු ඇතිවූ සංකූලතා මත මියගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?