කසාද බැන්දට පොර කුකුල්ලු වගේ කිසිම කෙනෙකුට සෙකන්ඩ් වෙන්නෙ නැහැ නේද? පුෂ්පා රම්‍යානිගෙන් අමුතු සටහනක්

මේ දිනවල බොහෝ ප්‍රදේශ හුදෙකලා කර ඇති අතර මේ වන විට සංචරණ සිමා ක්‍රියාත්මක වෙයි. 

සංචරණ සිමා ක්‍රියාත්මක වන අවස්ථාවේ පවුල් ආරවුල් ඉහළ ගොස් ඇති බව හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය සඳහන් කරයි. ඒ පිළිබඳව ඇය සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසිනි.

එම සටහන පහතින්,

සංචරණ සීමා තුළ ඉහළ යන පවුල් ආරවුල්…

සතියක් තුළ පැමිණි රෝගීන් අතර හිංසන ක්‍රියා වලින් තුවාල වූ ගණන 150 ක්.

එයින් පිරිමි 105 ක්, කාන්තාවන් 45 ක්…

සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කිරීම් 4 ක්..

ඔබ කසාද බැන්දට පොර කුකුල්ලු වගේ කිසිම කෙනෙකුට සෙකන්ඩ් වෙන්නෙ නැහැ නේද? දෙදෙනාම එකිනෙකාගෙන් පළිගන්න පහර දෙනවා, කපාගන්නවා , කොටා ගන්නවා, සමහරු සිය දිවි නසා ගන්න උත්සාහ කරනවා.

මතක තබා ගන්න ,පවුල් ජීවිතයේ වටිනාකම නොදන්නා ඔබ මේ විනාශ කරන්නේ ඔබේ දරුවාගේ අනාගතයයි.

දරුවෙකුගේ ජීවිතයේ වැදගත්ම බලපෑම ඇති කරන්නෙ පවුලයි. දරුවන්ගේ ජීවිතයේ මුල් අවදියේ සිටම, දරුවන් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ අවශ්ය තා සපුරාලීමට දෙමාපියන් සහ පවුලේ අය මත යැපේ. … ඔවුන් දරුවෙකුගේ පළමු ගුරුවරුන් වන අතර ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය සහ අවට ලෝකය අත්විඳිය යුතු ආකාරය පිළිබඳ ආදර්ශයක් ලෙස ක්‍රියා කරයි.

සංචරණ සීමා තුළ ඔබ ඔබේ ඉවසීම ප්‍රගුණ කරන්න. පවුල් ජීවිතයට වටිනාකමක් එකතු කරන්න. දරුවන්ටත් , පවුලටත් අසීමාන්තිකව ආදරය කරන්න. මොකද , අපි හෙට ජීවත් වේදැයි නාදන්නා නිසා.

ස්වාමියාගේ ප්‍රශ්ණයකට ගෙල වැළලාගත් ඇය අප වෙත ගෙන ආවා. ඇයව ජීවත් කරවන්න අපේ අය අප ගැනවත් නොසිතායි ක්‍රියා කලේ. අපට හැකිවූවා ඇයව බේරාගන්නට.

එහෙත් පසුවයි දැනගත්තේ ඇයත් කොවිඩ් ආසාධිතයෙකු බව.

අපට මොනවා වුනත් අපේ ප්‍රමුඛස්ථානය වන්නේ අසාධ්‍ය රෝගියාගේ දිවි ගලවා ගැනීමයි.

හැකිනම් ඔබට වෙනස් වෙන්න…

මෙවන් අනිසි ක්‍රියා වලින් වැළකී සිටින්න….

නමුත් නිතරම ආවේගකාරීව සිතා ක්‍රියා කරන ඔබට එය නොතේරීම

අපේ අවාසනාවයි.

ඒ ඇයි කියනවානම්අපි සෞඛ්‍යයේ ප්‍රතිකාර සදහා බිලියන ගණන් මුදල් වැය වන්නේ ඔබේ අහිතකර හැගීම් නිසාය…

ඔබ විනාශ කරන්නේ ඔබේ වටිනා පවුලයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16