කවුරුත් කතා කළ චීන රොකට්ටුවේ ප්‍රධාන කොටස වැටෙන්න යන තැන මෙන්න

චීනය විසින් අභ්‍යාවකාශගත කළ ලෝන් මාර්ච් රොකට්ටුවේ සුන්බුන් කැබැල්ල ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට නිරිත දිගින් වන ඉන්දියානු සාගරයට කඩා වැටී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස කඩා වැටී ඇත්තේ සිය නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය උඩුගුවනට රැගෙන යාම සඳහා චීනය යොදා ගත් ලෝන් මාච් ෆයිව් බී රොකට්ටුවේ ප්‍රධාන කොටසයි.

මෙය මෑත කාලයේ අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටුණු විශාලතම සුන්බුන් කැබැල්ල ලෙස ද සැලෙකනවා.

චීනය විසින් උඩුගුවනට යැවූ දැවැන්ත රොකට් යානයේ විශාල කොටසක් මෙම සති අන්තයේ පාලනයකින් තොරව පෘථිවියට කඩා වැටෙන බවටයි නාසා විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබුණේ.

එහිදී ටොන් 21ක් බරැති යානයේ ප්‍රධාන කොටස පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිත බව නාසා විද්‍යාඥයන් වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ නමුත්, එය ගුවනේදී විනාශ වීමට සැලසුමක් නොමැති අතර, රොකට් යානා කොටස කිසිවෙකුට හානි නොවන අන්දමින් පැසිෆික් සාගරයට කඩා වැටෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් කියා සිටියා

Update – චීන රොකට්ටුවේ සුන්බුන් ඉන්දීය සාගරයට පතිත වෙයි

චීනය විසින් අභ්‍යවකාශ ගත කළ ‘ලෝන්ග් මාච් 5B’ රොකට්ටුවේ සුන්බුන් මේ වන විට ඉන්දියන් සාගරයට පතිත වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මාලදිවයිනට බටහිරින් ඉන්දියානු සාගරයට එම සුන්බුන් කොටස් ඇඳ වැටී තිබේ.

චීනය විසින් සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පියාසර‍ කරවූ රොකට්ටුවක් පසුව ඔවුන්ගේ පාලනයෙන් ගිලිහී තිබූ අතර ඊයේ (08) එහි කොටසක් පෘථිවියට වැටීමක් සිදුවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

ඔහු පෙන්වාදෙන්නේ චීනය අභ්‍යවකාශ මධ්‍යස්ථානය තැනීම සඳහා අවශ්‍ය උපකරණ රැගෙන ගිය රොකට්ටුවක කොටසක් මෙලෙස පෘථිවියට කඩා වැටීමට ඇති බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14