spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කවුද ඇත්තටම බිත්තර ගැහුවේ ?

අනුර කුමාර දිසානායක මහතාගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවීමේ සිදුවීම දැඩිව හෙළා දකින අතර එය පහත් ක්‍රිියාවක් බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නිට්ටඹූව පොලීසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ මෙම සිදුවීම පිටුපස ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු සිටින බවට සැකකරුවන් හරහා අනාවරණ වී ඇති බවයි.එමෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයෙකුත් මේ සිදුවීමට සම්බන්ධ බව හෙතෙම වැඩි දුරටත් සදහන් කර සිටියා

මෙවැනි ක්‍රියා හේතුවෙන් පක්ෂයේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවද මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?