spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කවුඩුල්ල රක්ෂිතයේ සැරිසැරූ වන අලියෙක් යකඩ යකාට බිළි

මඩකලපුව – කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගල්ඔයත් රොටවැවත් අතර 139 වන දුම්රිය සැතපුම් කණුව අසල දී දුම්රියක ගැටීමෙන් වන අලියෙක් මියගොස් තිබෙනවා.

මඩකලපුව සිට ගල්ඔය දෙසට ධාවනය වූ දුම්රියේ ඊයේ (03) පස්වරුවේ මෙම වන අලියා ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇත්තේ කවුඩුල්ල රක්ෂිතයේ සැරිසැරූ වසය අවුරුදු 10-15ත් අතර වසයේ පසු වූ උස අඩි හය හමාරක් පමණ වන අලියෙක්.

මෙම අනතුර හේතුවෙන් මඩකලපුව – කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බාධා එල්ල වී තිබුණු අතර, කවුඩුල්ල ජාතික වන උද්‍යානයේ වනජීවී නිළධාරීන් විසින් වන අලියා දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව දුම්රිය ධාවන කටයුතු ඊයේ රාත්‍රියේදීම යථා තත්ත්වයට පත් කරනු ලැබුවා.

වන අලියාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අද (04) දින සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?