කවුඩුල්ල රක්ෂිතයේ සැරිසැරූ වන අලියෙක් යකඩ යකාට බිළි

මඩකලපුව – කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගල්ඔයත් රොටවැවත් අතර 139 වන දුම්රිය සැතපුම් කණුව අසල දී දුම්රියක ගැටීමෙන් වන අලියෙක් මියගොස් තිබෙනවා.

මඩකලපුව සිට ගල්ඔය දෙසට ධාවනය වූ දුම්රියේ ඊයේ (03) පස්වරුවේ මෙම වන අලියා ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇත්තේ කවුඩුල්ල රක්ෂිතයේ සැරිසැරූ වසය අවුරුදු 10-15ත් අතර වසයේ පසු වූ උස අඩි හය හමාරක් පමණ වන අලියෙක්.

මෙම අනතුර හේතුවෙන් මඩකලපුව – කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බාධා එල්ල වී තිබුණු අතර, කවුඩුල්ල ජාතික වන උද්‍යානයේ වනජීවී නිළධාරීන් විසින් වන අලියා දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව දුම්රිය ධාවන කටයුතු ඊයේ රාත්‍රියේදීම යථා තත්ත්වයට පත් කරනු ලැබුවා.

වන අලියාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අද (04) දින සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15