කලුතර ප්‍රාදේශීය සභාව සඳහා ජන්දය විමසීම පැවැත්වීම වලක්වාලමින් තහනම් නියෝගයක්

කලුතර ප්‍රාදේශීය සභාව සඳහාපළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රාදේශීය සභාවට සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

පෙත්සම් විභාගය මැයි මස 12 වනදා පැවැත්වීමට ද නියම වුණා.

කලුතර ප්‍රාදේශීය සභාව සඳහා පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රාදේශීය සභාව සඳහා නව ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කල නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

පෙත්සම්කාර නව ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ඩබ්ලිව්.කේ.ටී.වරාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ නාමයෝජනා පත්‍රය සමග ඉදිරිපත් කළ එක් දිවුරුම් පෙත්සමක සාම විනිසුරුගේ නිල මුද්‍රාව නොමැති බව සඳහන් කරමින් එම නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට අදාළ තේරීම්භාර නිලධාරියා කටයුතු කළ බව කියා සිටියා.

එහෙත් එම නාමයෝජනා පත්‍රය සමග ඉදිරිපත් කළ සෙසු දිවුරුම් පෙත්සම් වල අදාළ නිල මුද්‍රාව තිබෙන බව පෙන්වා දුන් නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරියා ගත් තීරණය නීතියට පටහැනි බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර ලබා දුන්නා.

ඒ අනුව පෙත්සම් විභාගය මැයි මස 12 වනදා පැවැත්වීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් කලුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36