කලුතර ටියුෂන් ගුරුවරයා රිමාන්ඩ්

කලුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගී වූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර ගුරුවරයා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කලුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මියයි අද (12) මෙම නියෝග ලබාදුන්නේ.

කලුතර උතුර ප්‍රදේශයේ ගණිතය විෂය උගන්වන උපකාරක පංතියක් පවත්වන අතරතුර සැකකරු දැරියන්ට ලිංගික අතවර සිදු කර තිබූ බව පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මෙම සැකකරු අධිකරණය වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර එහිදී ලැබුණු නිර්දේශ මත බන්ධනාගාර ගත කර මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කරන ලෙසට පොලිසිය අවසර ඉල්ලා තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකාර ගුරුවරයා ලබන 15 වනදා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමුකරන ලෙසටයි.

තම සේවාදායකයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥවරයා සඳහන් කර තිබුණා.

එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් අධිකරණය නියෝග කළේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

නඩු විභාගය ලබන 26 වනදා යළි කැඳවීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41