කලා නිර්මාණ වාරණය ඉවතට – ජනපති (ඡායාරූප)

ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරය අතික්‍රමණය කළ යුතු අතර ඒ වෙනුවෙන් නව තාක්ෂණයට ගැළපෙන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු ඊට අනුබද්ධ සියලුම ආයතන ප්‍රතිසංවිධානය කිරීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (14) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති 2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා කලා නිර්මාණවලින් “වාරණය” යන වචනය ඉවත් කළ යුතු බව ද අවධාරණය කළා.

වර්තමානයේ කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතට ගෙනෙන අතර එමගින් කලාකරුවන් මහත් අපහසුතාවකට පත් වන බවත්, එය වළක්වා ගැනීම සඳහා චිත්‍රපට සහ රූපවාහිනි නිෂ්පාදන පළමුව වර්ගීකරණ මණ්ඩලයට ඉදිරිපත් කිරිමේ වැඩපිළිවෙළක් සැකසීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා කියාසිටියා. මෙම සියලු නීති ලබන වසරේ සිට බලාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙවර සංවිධානය කෙරුණේ වසර 3කට පසුව වීම විශේෂත්වයක්.

2019 සහ 2020 යන වසරවල ප්‍රදර්ශිත චිත්‍රපට 42ක් පාදක කරගනිමින් ප්‍රවීණ සිනමා විචාරකයින් සහ සම්මානිත ආචාර්ය මහාචාර්යවරුන් 7දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් විසින් තෝරාගන්නා ලද රංගන හා කාර්මික ශිල්පීන් වෙනුවෙන් සම්මාන 44ක් ද, සාම්ප්‍රදායිකව පිරිනැමෙන විශේෂ සම්මාන 09ක් ද පිරිනැමීම සිදු කෙරුණා.

මෙහිදී 2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනී මහත්මිය සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රේක්ෂකාගාරයේ නන්දා මාලනි මහත්මිය සිටි ස්ථානයට ගොස් සම්මානය පිරිනැමීම සුවිශේෂී සිදුවීමක්.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ 1963 වසරේ සරසවි සම්මාන උළෙලේදී ආචාර්ය නන්දා මාලනිය ශ්‍රී ලංකේය සිනමාවේ පසුබිම් ගායනය වෙනුවෙන් මෙලෙස සම්මානයක් පිදුම් ලැබූ බවත්, තමාට ද එම අවස්ථාවට සහභාගීවීමට අවස්ථාව හිමි වූ බවයි.

ශ්‍රී ලාංකීය සිනමාව සහ සංගීත ක්ෂේත්‍රය උදෙසා ආචාර්ය නන්දා මාලනි මහත්මිය විසින් ලබාදුන් දායකත්වය වෙනුවෙන් සමස්ත ජාතියේම ගෞරවය සහ ප්‍රණාමය මෙන්ම ස්තූතියි ද හිමිවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

සිනමාව උදෙසා විශේෂ කාර්යයක් ඉටු කිරීම වෙනුවෙන් පිරිනමන “යුග අභිමානී” විශේෂිත සම්මානය කේ. ගුණරත්නම් මහතා අනුස්මරණය කරමින් පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර චන්ද්‍රන් රත්නම්, සුවිනීතා වීරසිංහ සහ සිරිල් වික්‍රමගේ යන මහත්ම මහත්මීන් වෙනුවෙන් “ස්වර්ණසිංහ” සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු වුණා.

2019 වසරේ හොඳම නළුවා ලෙස කමල් අද්දරආරච්චි මහතාත්, 2020 වසරේ හොඳම නළුවා ලෙස කුමාර තිරිමාදුර මහතා ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර වී තිබෙනවා. 2019 වසරේ හොඳම නිළිය ලෙස සමාධි ලක්සිරි මහත්මිය සම්මානයට පාත්‍ර වූ අතර 2020 වසරේ හොඳම නිළිය ලෙස සම්මාන ලබා ගත්තේ නීටා ප්‍රනාන්දු මහත්මියයි.

2019 වසරේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් අනුරුද්ධ ජයසිංහ මහතා වෙනුවෙන් සහ 2020 වසරේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් විසාකේස චන්ද්‍රසේකරම් මහතා වෙනුවෙන් සම්මාන පිරිනැමුණා.

2019 වසරේ හොඳම චිත්‍රපටය ලෙස “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටිය සම්මානයට පාත්‍ර වූ අතර 2020 වසරේ හොඳම චිත්‍රපටය ලෙස “The newspaper” චිත්‍රපටිය සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

වයස අවුරුදු 12 ක 13ක සිසුවෙකු ලෙස පළමු සරසවි සම්මාන උළෙලට සහභාගිවීමට මට අවස්ථාව ලැබුණා. ඒ වගේම පළමු ජනාධිපති සිනමා සම්මාන උළෙලට ද සහභාගිවීමට මට අවස්ථාව හිමි වුණා. එම කාලය සහ අද අතර විශාල වෙනසක් තිබෙනවා. විශාල තාක්ෂණික විප්ලවයක් සිදුවී තිබෙනවා.

අද අපට සිනමාව වගේම රූපවහිනියද තිබෙනවා. වෙන් වශයෙන් තිබු මෙම ක්ෂේත්‍ර දෙක අද එකට මුසු වෙලා. ඒ වගේම අපට ජංගම දුරකථනයෙන් මෙම සියලු චිත්‍රපට නැරඹීමට අවස්ථාව ලැබී තිබෙනවා. මේ හරහා අද සියලු රටවල් ජාත්‍යන්තර සිනමාව සමග එක්වී සිටිනවා. මේ අයුරින් සිනමාව විශාල කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා. අපත් එම කර්මාන්තය සමඟ ඉදිරියට යා යුතුයි. එම තරගාකාරිත්වට මුහුණදීමේ හැකියාව අපේ නිර්මාණකරුවන් සතුව තිබෙන බව මම දැඩිව විශ්වාස කරනවා. එසේනම් අප අලුතින් සිතා මෙරට සිනමාව නව ගමනට සූදානම් කළයුතුයි.

එහිදී ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රතිසංවිධානය කිරීම කෙරෙහි අප ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා. එසේම චිත්‍රපට කර්මාන්තය සහ රූපවාහිනි මාධ්‍ය එක් කර්මාන්තයක් ලෙස සැලකිය යුතුයි. මීට අමතරව සිනමා ශාලා සහ චිත්‍රපට නිෂ්පාදන පසුබිම් ස්ථාන සියල්ල සංවර්ධනය කිරිමට කටයුතු කළයුතුයි.

එම කටයුතු එක් මණ්ඩලයක් යටතට පවරා ඊට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බව කිවයුතුයි. එහිදී මූල්‍ය ආධාර ලබා දීම වගේම ජාත්‍යන්තරව විශිෂ්ටතා දක්වන පිරිස් මෙරටට ගෙන්වා මෙරට කලාශිල්පීන්ට, අධ්‍යක්ෂවරුන්ට මෙන්ම කාර්මික ශිල්පීන්ට එම දැනුම ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතුයි.

එසේම රැඟුම් පාලනය සම්බන්ධයෙන් නව පියවර ගැනීමට අප අපේක්ෂා කරනවා. මෙරට රැඟුම් පාලක මණ්ඩල පනත දැන් වසර සියයකටත් වඩා පැරණියි.රැගුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැගුම් වර්ගීකරණ මණ්ඩලයක් පිහිටුවීමට අප සැලසුම් කර තිබෙනවා.

එසේම කලා නිර්මාණවලින් “වාරණය” යන වචනය ඉවත් කළ යුතුයි. ඒ වගේම වර්තමානයේ කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතට ගෙනෙනවා. ඒ හේතුවෙන් කලාකරුවන්ට අපහසුතාවන්ට මුහුණදීමට සිදු වෙනවා. අප මේ පිළිබඳ අලුතින් සිතියි යුතුයි. පැරණි නිතිවලට සිරවී එම කටයුතු කළ නොහැකියි. ඒ නිසා චිත්‍රපට සහ රූපවාහිනි නිෂ්පාදන පළමුව වර්ගීකරණ මණ්ඩලයට ඉදිරිපත් කිරිමේ වැඩපිළිවෙළක් සැකසීමට අපේක්ෂා කරනවා. මෙම නිති ලබන වසරේදී ඉදිරිපත් කිරීමට අප බලාපෙරොත්තු වෙනවා. සිනමා කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් දේශපාලනයෙන් තොරව සියලුදෙනා මෙම වැඩපිළිවෙළට සහාය ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

Presidents Film Awards 2023 55
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57