කලාපීය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම ගැන අමෙරිකා නාවික ලොක්කෙකු සමග සාකච්ඡා (ඡායාරූප)

අමෙරිකා එක්සත් ජනපද ඉන්දු – පැසිෆික් කලාපයේ අණදෙන නිලධාරි, අද්මිරාල් සැමුවෙල් පපරෝ (Samuel Paparo) ඊයේ (20) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කාර්යාලයේ දී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවුණා.

එහිදී අද්මිරාල් පපරෝ සහ මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ සාකච්ඡාවල නිරත වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

කලාපීය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයේම නිලධාරීන් විසින් අවධාරණය කරනු ලැබුවා.

අද්මිරාල් Paparo විසින් ඉන්දු-පැසිෆික් කලාපයේ කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපද රජයේ ඉදිරි දැක්ම පිළිබඳ කරුණු රාශියක් ඉදිරිපත් කරනු ලැබූ අතර, අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ආරක්‍ෂක හවුල්කාරිත්වය පිළිබඳවද අවධාරණය කළා.

දෙරටේ ජනතාව අතර පවතින අන්‍යොන්‍ය සබඳතාවල වැදගත්කම ඉස්මතු කරමින්, සාම්ප්‍රදායික නොවන ආරක්‍ෂක තර්ජනවලට මුහුණදීම සඳහා සමුද්‍රීය ක්ෂේත්‍රයේ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සහාය හා තාක්‍ෂණික දැනුම ලබාදීම මෙන්ම, සමුද්‍රීය ආරක්‍ෂක උපායමාර්ගය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය දැනුම හා පහසුකම් සැලසීම ඔස්සේ ශ්‍රී ලංකාවට අවශ්‍ය කෙරෙන සහාය දැක්වීමට අමෙරිකා එක්සත් ජනපදයේ කැපවීම ද තහවුරු කෙරුණා.

අද්මිරාල් Paparo ශ්‍රී ලංකාවේ සිදුකල මෙම සංචාරය ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ ආරක්‍ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෙන්ම, ඉන්දු-පැසිෆික් සාගර කලාපයේ රටවල් මුහුණදෙන පොදු අභියෝගවලට සාර්ථකව මුහුණදීමට අමෙරිකා එක්සත් ජනපද රජයේ අඛණ්ඩ කැපවීම අවධාරණය කළා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Anthony Nelson, විධායක සහකාර කැප්ටන් Toraason, දේශපාලන උපදේශක David Ranz මහතා සහ කමාන්ඩර් Rama Mutyala යන නිලධාරීන් ද එක්ව සිටියා.

WhatsApp Image 2025 03 21 at 11.26.22 1
WhatsApp Image 2025 03 21 at 11.26.22
WhatsApp Image 2025 03 21 at 11.26.23 2
WhatsApp Image 2025 03 21 at 11.26.23 1
WhatsApp Image 2025 03 21 at 11.26.23


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39