කලාකරුවන් 120කට සාම විනිසුරු පත්වීම් (ඡායාරූප)

කලා ශිල්පීන්ට දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පත්වීම් ප්‍රධානය කීරීම අද පෙරවරුවේ කොළඹ අධිකරණ අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙහිදී කලාශිල්පීන් 120 දෙනෙකු සදහා සාමවිනිසුරු පත්වීම් ප්‍රදානය කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ හිටපු පීඨාධිපති මහාචාර්ය මුදියන්සේ දිසානායක, ප්‍රවීන ගායන ශිල්පී සමන් ද සිල්වා, ප්‍රවීණ රංගන ශිල්පිනී රුවන්‍ති මංගලා, නදීකා ගුණසේකර ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

වේදිකාව, රූපවාහිනිය, ටෙලි නාට්‍ය, සංගීතය, ගීත ගායනය, ගීත රචනය ආදී කලා ක්ෂේත්‍රයන්හි ප්‍රවීණ කලාකරුවන් රැසක් සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවි පිරිනැමීම අද මෙලෙස සිදු කෙරුණා.

අධිකරණ ඇමතිවරයාගේ සංකල්පයක් අනුව කලාකරුවන් සදහා සාම විනිසුරු පදවි පිරීනැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට කලාව වෙනුවෙන් සිය දායකත්වය දැක්වු කලාකරුවන් 120 දෙනෙකු සඳහායි පළමු අදියර යටතේ සාම විනිසුරු පත්වීම් පිරිනැමීම මෙහිදී සිදු කෙරුණේ.

මෙහිදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේ දිවුරුම් පෙත්සමක් අත්සන් කිරීමට වඩා පුළුල් පරාසයක් කරා දිව යන අරමුණක් සාම විනිසුරු තනතුර තුළ ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සකස් කිරීම, අධිකරණ පද්ධතිය සදහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, අධිකරණ කටයුතු මෙහෙයවීම අධිකරණ අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. මහ ජනතාව නීති උල්ලංඝණය කිරීම සිදු නොකරනවා නම් අධිකරණ, පොලීසි බන්ධනාගාර අවශ්‍ය වන්නේ නැහැ. නමුත් නීති උල්ලංඝණය කරනු ලබන සීමිත පිරිසක් ඉන්නවා. ඒ නිසාම නීති අවශ්‍යයි. සමාජයේ වැරදි අපරාධ කරනු ලබන පුද්ගලයින් වැළැක්වීම අපේ මුඛ්‍ය අරමුණ විය යුතුයි. අපරාධ සිදු කරනු ලබන පුද්ගලයින් අවම වන්නේ නම් අධිකරණ සදහා යොමු වන නඩු අවම කර ගනිමින් බන්ධනාගාරගත කරන පුද්ගලයින් අඩු කර ගත හැකියි. මේ සියලු ක්‍රියාවන් සදහා සමස්ත රට වැසියාගේ සහාය අවශ්‍යයි. රටක ජනතාවගේ ආරක්ෂාවට නීති අවශ්‍යයි, ආධ්‍යාත්ම සංවර්ධනයට පුජ්‍ය පක්ෂය අවශ්‍ය වෙනවා. ඒ වගේම ජනතාවගේ මනස සුවපත් කිරීම සදහා කලාවට විශාල කාර්යයක් කළ හැකියි. රටක නිල නොවන ව්‍යවස්ථාදායකය කලාකරුවන් යැයි ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. ව්‍යවස්ථාදායකයට මග පෙන්වීමේ හැකියාව කලාකරුවාට පැවතිය යුතුයි. ක්ෂේප්‍රියර් වැනීසියේ වෙළෙන්දා නාට්‍ය තුළින් ලෝකයේම නීතිය වෙනස් කළ යුත්තේ කෙසේද යන්න පෙන්වා දුන්නා.

ක්ශේෂ්ප්‍රියර් නාට්‍ය නිෂ්පාදනය කළේ නීති සම්පාදකයන්ගේ ඇස් ඇරවීම සදහායි. කලාවට සීමා මායිම් නැහැ. කලාවට භාෂාවක් කුලයක් ජාතියක් නැහැ . කලාකරුවා උත්තරීතරව සමාජය සුවපත් කිරීමට කැපවෙන පිරිසක් බව කිව යුතුයි.

අපේ රටේ පවතින ආර්ථික තත්වයන් හේතුවෙන් කලාකරුවාට ලැබිය යුතු නිසි පිළි ගැනීම හිමි වෙලා නැහැ. ඊටත් වඩා අපේ රටේ සියලු කලාකරුවන් එක් කරගත් විධිමත් සංවිධානයක් අවශ්‍යයි. කලාකරුවන් එක් වු සංවිධාන කිහිපයක් තිබෙනවා. නමු.් සමහර ඒවා හතු පිපෙන්නා වගේ විවිධ අරමුණු සදහා පිහිටුවනවා. කාලයක් සමග ඒවා නැති වෙලා යනවා. කලාකරුවාට සහ කලා ක්ෂේත්‍රයේ අනාගතය කලාකරුවාගේ සුරක්ෂිතභාවය පිළිබදව මීටත් වඩා අවධානය යොමු කළ යුතුයි. ශක්තිමත් එකමුතුවක් කලාකරුවා තුළ ඇති කර ගන්නේ නම් කලාවේ අනාගතයට එය විශාල පිටිවහලක් බව කිව යුතුයි. අපේ රටේ ගායක ගායිකාවන්, පද රචකයින්, සංගීත නිර්මාණ ශිල්පීන් අතර ගීතවල හිමිකාරිත්වය පිළිබදව ගැටළු මතු වුණා. ඇතැම් ගායක ගායිකාවන්ට ගීත ගායනා කිරීම අධිකරණයෙන් තහනම් කළා. එම ගැටළු සදහා මේ වන විට එකගතාවයන් ඇති කර ගනිමින් ඊට අවශ්‍ය නීති කෙටුම්පත් කරමින් පවතිනවා.කලාකරුවන් අතර එකමුතු බව ඇති කර ගනිමින් මතු පරපුරට කලාව උරුම කිරීමේ ක්‍රමවේදයන් අපි අනුගමනය කළ යුතුයි.

සාම විනිසුරු පදවිය යනු උසස් තනතුරක් ලෙස අතීතයේ සිට ගෞරවණිය ලෙස පැවත එන තනතුරක් බව කිව යුතුයි. ග්‍රාමීය වශයෙන් ගමේ සාමය ඇති කරලීම සදහා සුවිශාල කාර්භාරයක් සාම විනිසුරු තනතුර තුළින් සිදු ක හැකියි. දිවුරුම් පෙත්සමක් අත්සන් කිරීමට වඩා පුළුල් පරාසයක් කරා දිව යන අරමුණක් සාම විනිසුරු තනතුර තුළ තිබෙනවා.අද සමාජයට අවශ්‍ය වන්නේ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයයි. හොරකමින් වංචාවෙන් දුෂණයෙන් ජනතාව ආදරය කරන ක්‍රිකට් ක්‍රිඩාව ආරක්ෂා කර ගැනීම සදහා අපි කොතරම් නම් උත්සාහ කළාද යන්න පසුගිය දින දෙක තුන තුළ පාර්ලිමේන්තුව තුළ විවාද තුළින් ඔබට පැහැදිලි වෙන්න ඇතැයි අපේක්ෂා කරනවා. අපි අද ජාති ආගම් කුළ ආදී විවිධ ආකාරයෙන් බෙදිලා. ඒ නිසාම ජාතික සමගිය ආගමික සංහිදියාව ශක්තිමත් කිරීම සදහා ග්‍රාම සේවා වසම් මාර්ගයෙන් ජාතික සංහිදියා කමිටු ඇති ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ යටතේ මේ වන විට සංහිදායා කමිටු දස දහසක් ස්ථාපිත කර තිබෙනවා. ග්‍රාමීය වශයෙන් පැතිර ඇති මත් උවදුර දුරු කිරීම, ගමේ සංහිදියාව වැඩි දියුණු කිරීම මෙම කමිටු පිහිටුවීමේ මුලික අරමුණයි. ඒ සදහා අවශ්‍ය නීති ඇතුළත් පනත ඉදිරි මාස දෙක තුළ සම්මත කරන බව ද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා. එමෙන්ම එම කටයුතු ශක්‍රියව ඉදිරියට ගෙන යාමට කලාකරුවන්ට දායක විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
8
+1
0
+1
2
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34