කල් ඉකුත් වූ කිරිපිටි තොග බෙදාහරින ස්ථානයක් පිටකොටුවේ

කල් ඉකුත් වූ කිරිපිටි තොග බෙදා හැරීම සිදු කරන ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී හමුවී තිබෙනවා.

එම අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශණ ඒකකය අද පිටකොටුවේ තොග අලෙවිසැල්වල කළ විශේෂ පරීක්ෂාවකදීයි මෙම කිරිපිටි තොගය හමුවී ඇත්තේ.

එහිදී කල් ඉකුත් වූ කිරිපිටි කිලෝ 825ක තොගයක් අලෙවියට සූදානම් කර තිබියදී සොයා ගැණුනා.

වැඩිදුරටත් කළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම කිරිපිටි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන අයිස්ක්‍රීම් සහ රස කැවිලි වෙළඳුන් මෙම කල් ඉකුත් වූ කිරිපිටි රැගෙන යන බවයි.

කල් ඉකුත් වූ භාණ්ඩ විකිණිමට ප්‍රදර්ශනය කර තැබීමෙන් පාරිභෝගිකයන් නොමග යැවීම ඇතුලු චෝදනා යටතේ තොග වෙලෙදසැල් හිමියාට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.