කල් ඉකුත් වී ගබඩාවල ඇති ඩොලර් මිලියන 70 ක් පමණ වටිනා කොරෝනා එන්නත්

බුද්ධ චීවරයට මුවාවෙමින් මෙරට ඇතැම් දේශපාලඥයින් විසින් සිදුකළ අකටයුතුවලට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් මිහින්තලා පුදබිමේ සංවර්ධන කටයුතු වලින් මෙන්ම නායක හිමියන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට වත්මන් පාලකයින් විසින් කටයුතු කර ඇති බව ‘ මගෙන් රටට ‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ දින මිහින්තලා පුදබිම වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ප්‍රතිදේහ එන්නත් මහා මංකොල්ලය සිදුකළ හිටපු සෞඛ්‍යා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, සෞඛ්‍ය අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක හා හිටපු විධායක අධ්‍යක්ෂක විජිත් ගුණසේකර යන මහතුන් වගකිව යුතු බවත් අපරාධ පරීක්ෂණ පාර්තමේන්තුවට කැදවනවා වෙනුවට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිවසට එම නිලධාරීන් කටඋත්තර ලබා ගැනීමට යෑම පිළිබඳව කණගාටුවන බව ඒ මහතා පැවසීය .

වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවල ඇති කොරෝනා සමයේ ලබාදුන් එන්නත් ලක්ෂ හැත්තෑවක් පමණ කල් ඉකුත් වී ඇති බවත් රජය විසින් ඉදිරි සති දෙකක් ඇතුළතදී ඩොලර් මිලියන 70 ක් පමණ වන එම එන්නත් මුහුදේ ගිල්වා විනාශ කර දැමීමේ සූදානමක් පවතින බවත් සංජය මහවත්ත මහතා පවසයි .

එමෙන්ම මේ සදහා එවකට සෞඛ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරු ලෙස කටයුතු කළ පවිත්‍රා දේවි වන්නිආරච්චි අමාත්‍යවරිය හා චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම එම ලේකම්වරු වගකිවයුතු බවත් ඒ මහතා පවසයි .

  1. DONT KNOW FROM WHERE THESE PEOPLE ARE TALKING. SAME SET OF PEOPLE PUBLISHED A PROPEGNDA TO PREVENT PUBLIC BY VACCINATING SAME. THOSE CULPRITS BUILD FEAR IN PUBLICS MIND NOT TO HAVE VAACINES AND FALSE NEWS THAT SOME PEOPLE DEAD AFTER HAVING VACCINE. ALSO TOLD UNDER AGE BOYS FERTILITY MIGHT LOSS. AGAIN TOLD OLD COMMUNITY DEAD DUE TO THOSE VACINES. SO WHAT HAPPNED NEXT? PEOPLE AWAY AND AVOID FROM THIS VAUABE VACINATING PROGRAM. THEN THE EXPIRY DATE OF STUFF BECAME EXPIRE, SO HEALT MIN. ASK MANUFACTURER AND WHO AND THEY TOLD THOSE STUFF CAN EXTEND FOR ANOTHER 6 MONTHS. NATURALLY IT IS NOT A FALSE. WHAT THOSE BULLS PUBLISHED NEXT, TOLD PUBLIC THAT GOVT. GOING TO VACINE EXPIRED VACINES AND PEOPLE WOULD DIE. MY WIFE AND MYSELF DID NOT LISTEN THOSE BUFFOLOWS AND HAD ALL 4 VACINES 2 CINOFARM AND 2 EURO VACCINES BUT WE BOTH STILL ALIVE. TO DEVELOP A COUNTRY AND PEOPLE FIRSTLY ANYHOW SHUTS THE BLOODY MOUTHS OF THOSE CULPRITS. OTHERWISE A COUNTRY GO DOWN.