කල්පිටිය මුහුදට විසි කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

කල්පිටිය මාම්පූරි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, කල්පිටිය මාම්පූරි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (23) රාත්‍රීයේදී සිදු කළ නිරීක්ෂණයකදීයී මෙම බීඩි කොළ තොගය හමුවී ඇත්තේ.

එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර 16ක් පරික්‍ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී එම උර තුල අසුරන ලද බීඩි කොළ කිලෝ 520 ග්‍රෑම් 760ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

මෙම බීඩි කොළ තොගය නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිම‍ට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන අතර බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ පවතිනවා.