‘කලමුල්ලේ තසී’ ඝාතනයේ සැකකරු බන්ධනාගාර ගතව සිටිය දී මියගිහින්

‘කලමුල්ලේ තසී’ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු ඊයේ (27) මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තෙබුවන, පැලපිටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තුෂාර රුක්මාල් සිල්වා නැමැති අයෙක් බවයි කළුතර උතුර පොලිසිය සඳහන් කළේ.

මොහුට ඊයේ (27) ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රැඳවියා කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සදහන්.

කලමුල්ලේ තසී’ නමැත්තා ඝාතනය කිරීමේ චෝදනාවට සැකකරු පසුගිය 25 වනදා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණා.