කලකට පසු නිලි රැජිණ මාලනි ෆොන්සේකා රගන භවතරණ චිත්‍රපටය රිදී තිරයට..

තාරුණ්‍යයේ සිනමාවේදී දේවින්ද කෝන්ගහගේ කුළුදුල් සිනමා නිර්මාණය “භවතරණ” දෙසැම්බර් 03 වනදා සිට තිරගතවේ.

හෙළ සිනමාවේ නිලි රැජිණ මාලනි ෆොන්සේකා කලකට පසුව ප්‍රධාන භූමිකාවකින් ප්‍රේක්ෂකයා අතරට භවතරණ තුළින් පැමිණේ. මාලනී සමගින් ප්‍රධාන නළු භූමිකාවට පනදෙන්නේ, තිරයට හඳුන්වා දෙන සජීව් රාජපුත්‍ර යි.

ඔවුන් සමඟින්, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා,උදයන්ති කුලතුංග ,රොෂාන් පිලපිටිය , රොෂාන් රවින්ද්‍ර, චන්දික නානායක්කාර, කුමුදු නිශාන්ත, ශ්‍රිමාල් වෙඩිසිංහ,චිත්‍රා වරකාගොඩ ,දීපානි සිල්වා ,රිචඩ් මානමුදලි ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් “භවතරණ ” හැඩ කරයි.

ක්‍රි.ව. 1747 සිට 1760 දක්වා වූ කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ පාලන සමයේ සිදුවූ විවිධ දේශපාලන හා සාමාජික සත්‍ය සිදුවීම් පෙලක් භවතරණ සඳහා පාදකව ඇති අතර, කඩු කිනිසි හෙල්ල අමෝරා ගත් රාජ පුරුෂයන් මහ වනය දෙබෑකර ලුහුබඳින කල ඉන් බේරීමට පලායන මතිහන්පොල දිශාවේ ගෙන් ඇරඹෙන සිනමා කෘතිය , පරිභෝජනවාදි භෞතික ලෝකයේ තුන් කල්හිම පවත්නා බොහෝ ස්වභාවික සිද්ධාන්ත මෙමගින් සංවේදිව සංවාදයට ගොනුකර ඇත.

“භවතරණ” කැමරා කරණයෙන් නිශාන්ත ප්‍රදීප් ද, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ප්‍රවීන් ජයරත්න ද, අංග රචනයෙන් නාරද ධනංජි තොටගමුව සමඟින් ප්‍රේමලාල් ලියනගේද, කලා අධ්‍යක්ෂණයෙන් මනෝජ් වික්‍රමසිංහ සහ චින්තක විජේරත්න ද, ශබ්ද පරිපාලනයෙන් කාලිංග ගිහාන් පෙරේරා ද, සංගීත අධ්‍යක්ෂණයෙන් නවරත්න ගමගේ ද, ගී තනු නිර්මාණයෙන් සහ ගායනයෙන් විශාරද ජගත් වික්‍රමසිංහ ද එක්ව ඇති මෙහි ගීත රචනය, සිනමා තිර රචනය සහ අධ්‍යක්ෂණය දේවින්ද කෝන්ගහගෙනි. රාජපුත්‍ර ප්‍රඩක්ෂන්ස් වෙනුවෙන් ශිරාණි කැප්පෙටිපොල සමඟින් මාවතගම එස්.ආර්.වීරසිංහ “භවතරණ” නිෂ්පාදනය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:00
Video thumbnail
චරිත් අබේසිංහ, විජයදාසගේ පුත් අධිකරණය වෙත රැගෙන ගිය හැටි - ගැම්මට ඇවිත් ජිප් එකට නගින්නේ
01:40
Video thumbnail
මේ ආණ්ඩුව අපිව හතුරෙක් විදිහට දකින්නේ - නාමල් කියයි
09:57
Video thumbnail
"මට තේරෙන්නේ නෑ මේක - සිල්ලර කතා" ඇඟිල්ල පාට කිරීම ගැන දිලිත් හිනාවෙවී දුන්න සැර උත්තරය
03:09
Video thumbnail
චරිත් අබේසිංහගේ සිද්ධියට ප්‍රසාද් සිරිවර්ධනත් සම්බන්ධයි ද..?
07:40
Video thumbnail
සෙංකෝලය උස්සන්න හදපු සජබයේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි
02:00
Video thumbnail
සත්‍යග්‍රහය නිසා අසරණ වුණ පුංචි දරුවන්..මහ අව්වේ ඉන්න හැටි - "ජනාධිපතිත් වැරදි - තේරුම්ගන්න ඕනි"
01:47
Video thumbnail
කොන්දක් තියෙන පොලිස් මහත්මයෙක් - ඔයාගේ තාත්තා නෙමෙයි අපිට පඩි ගෙවන්නේ
00:51
Video thumbnail
පුළුවන් නම් මට නඩු දාන්න - ප්‍රසාද් සර් යකා නටයි
14:21
Video thumbnail
සත්‍යග්‍රහය මැද අසාධ්‍යය වුණ කෙනෙක් රැගෙන යයි - අසරණ මිනිස්සු මැ#ණකල්ද ජනපතිතුමා බලාගෙන ඉන්නේ
05:41