කරාපිටිය පස් කන්දට යට වූ තවත් අයෙක් ජීවිතක්ෂයට

කරාපිටිය රෝහල ආසන්නයේ ඉදිකිරීම් ස්ථානයක කඩා වැටුණු පස් කන්දට යට වී රෝහල් ගත කළ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

පෙරේදා (09) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් තවත් පුද්ගලයෙක් එම ස්ථානයේ දීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

එම ඉදිකිරීම් ස්ථානයේ සේවය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙක් මෙම අනතුරට මුහුණ පා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්