කරාපිටියේ දොස්තරට පහරදුන් සිද්ධියේ සෞඛ්‍ය සේවකයින් දෙදෙනා හා සේවිකාව රිමාන්ඩ්

කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට පහරදුන් බව කියන සිද්ධියට අත්අඩංගුවට ගැනුණු සෞඛ්‍ය කාර්ය සහායක සේවකයින් දෙදෙනා සහ සේවිකාව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරුවන් අද (21) ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් මහිනාථ දහනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි.

ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ එදිනට සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කරන ලෙසයි.

පසුගිය 16 වනදා පැවති සෞඛ්‍ය වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයින් සහභාගිවීම සම්බන්ධයෙන් ඊට පසුදින වෛද්‍යවරයා සහ කණිෂ්ඨ කාරය මණ්ඩලය අතර ආරවුලක් ඇතිව තිබුණා.

ඒ, අතර තුර තමාට මෙම පහරදීම සිදුකළ බවටයි වෛද්‍යවරයා පැමිණිල්ලක් කර තිබුණේ.

එම පැමිණිල්ලට අනුව සැකකාර සෞඛ්‍ය කාර්ය සහායක සේවකයින් දෙදෙනා සහ සේවිකාව අද (21) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර මෙම ආරවුල අතර තුර සෞඛ්‍ය කර්ය සහායක මණ්ඩලයේ සේවිකාවකට සහ සේවකයෙකුට පහරදිමේ චෝදනාව යටතේ ඉකුත් 18 වන දින අත්අඩංගුවට ගත් මෙම වෛද්‍යවරයා හෙට (22) දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48