spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කරාපිටියේ අනතුරකින් යතුරු පැදිකරුවෙකු මියයයි

ගාල්ල – කරාපිටිය ප්‍රධාන මාර්ගයේ ගලගෙඩිය ප්‍රදේශයේදී මෝටර් රථයක් ඉදිරිපසින් පැමිණි යතුරුපැදියක ගැටී සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.

මෙසේ මියගියේ පෝද්දල පදිංචි 45 හැවිරිදි අයෙක්.

මෝටර් රථය ඊයේ සවස කරාපිටිය දෙස සිට ගාල්ල දෙසට විරුද්ධ මං තිරුවේ ගමන් කරමින් තිබියදී අසල තාප්පයක ගැටී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවා.

අනතුරෙන් තුවාල ලැබූ යතුරු පැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර අනතුර සිදුකල මෝටර් රථයේ රියදුරුද හදිසි අසනීප තත්ත්වයක් බව පවසමින් රෝහල් ගත කර ඇති බව අප වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?