spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කර්මාන්තශාලාවක් සුද්ද කළ එගොඩඋයනේ හතරක් පොලිස් අත්අඩංගුවට

වසාදමා තිබූ කර්මාන්තශාලාවක තිබූ භාණ්ඩ සහ යන්ත්‍ර උපකරණ වරින් වර සොරාගත් පුද්ගලයින් සිව්දෙනෙකු එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් අවස්ථා කිහිපයක දී ලක්ෂ 15ක පමණ වටිනා භාණ්ඩ සහ යන්ත්‍ර උපකරණමෙලෙස සොරාගෙන ඇති බවයි අනවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සිව්දෙනා මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් තදින්මත්ද්‍රව්‍යය සඳහා ඇබ්බැහිව සිටින අයවලුන් බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් වයස අවුරුදු 24 – 47 අතර වයව්සල පසුවන්නන් වන අතර, සැකකරුවන් සිව්දෙනා අතර වරෙන්තුකරුවන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

2020 වර්ෂයේ සිට වසා දමා ඇති මෙම කර්මාන්තශාලාවේ ලොරි රථවල සියලුම රෝද සැකකරුවන් විසින් ගලවාගෙන ගොස් ඇති අතර ඊට අමතරව, කන්ටේනර් ලොරි රථ රෝද එකොළහක්, ඒවායේ රිම් අතුළු භාණ්ඩ තොගයක් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙලෙස සොරාගත් භාණ්ඩ ළඟ තබාගත් පුද්ගලයින් 05 දෙනෙකු ද ඒ අතර වන බව පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?