කරච්චි හිරගෙදරින් පැන්න 100ක් තවමත් අතුරුදන්

කරච්චි නුවර සඳුදා රාත්‍රියේ ඇති වූ සුළු භූමිකම්පා හේතුවෙන් තාවකාලිකව සිර මැදිරිවලින් ඉවත් කිරීමෙන් පසු පලා ගිය සිරකරුවන් 100කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ කර ගැනීමට නොහැකි වී ඇතැයි පාකිස්තාන බලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරනවා.

යළි අත්අඩංගුවට ගෙන ඇත්තේ 78 දෙනෙකු පමණයි.

පොලිස් වාර්තාවලට අනුව පලා ගිය සිරකරුවන් ගණන 216ක්.

භූමිකම්පාවකින් පසු සිරකරුවන්ට තම සිර මැදිරිවලින් පිටව යාමට අවසර දීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත වුණා.

එහිදී රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ගේ ගිනි අවි පැහැරගෙන බන්ධනාගාරයෙන් පලා ගොස් තිබුණා.