කයිල් ජේමිසන් IPL තරගාවලියෙන් ඉවතට – චෙන්නායි පිළ ආදේශකයක් සොයයි

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජේමිසන්ට එළඹෙන අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.

පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස එම තරගාවලියේ ඉවත් වීමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඒ, අනුව ඔහුට අවම වශයෙන් මාස තුන හතරක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

මෙවර අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් කයිල් ජේමිසන්, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටියක මුදලකට මිලට ගනු ලැබුවා.

කයිල් ජේමිසන්ගේ මෙම ඉවත්වීමත් සමඟ වෙනත් විදෙස් ක්‍රීඩකයෙක් සිය කණ්ඩායම වෙනුවෙන් එක්කර ගැනීමට චෙන්නායි සූපර් කිංග්ස් කණ්ඩායමේ කළමණාකාරීත්වයට මේ වනවිට සිදුව තිබෙනවා.

අවසන් වරට 2022 ජූනි මාසයේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළ ජේමිසන්, එංගලන්තයට එරෙහිව ආරම්භවන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ දී නැවත නවසීලන්ත කණ්ඩායමට පැමිණීමට අපේක්ෂාවෙන් සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14