කම් සැප හොයන අයටයි මේ… කාමය වරදවා හැසිරීමක්ද..?

කාමය යනු කුමක්දැයි ඇසුව හොත් ඔබ තුළ ඇති වනුයේ වික්ෂිප්ත බවකි.

මක්නිසාද යත් කාමය යනු කැත දෙයක් හො පිලිකුල් කළ යුතු දෙයක් ලෙස, කුඩා වචනයක් ලෙස අප මතක තබාගෙන සිටින බැවිනි.
කෙසේ වුවද කාමය යන්න අපට තෙරුම් ගත නොහැකි විශ්වයක් බවට පත්ව ඇත. වැඩියෙන් සිතන විට අඩුවෙන්ම වැටහෙන දෙය නම් කාමයයි. කුඩා දරුවකු අසන කාමය වරදවා හැසිරීම විස්තර කරන්නට යන ඔබ ජීවිතයේ කවර අවස්ථාවක හෝ අසරණ වී ඇත.
භාෂාව මිනිසුන් නිර්මාණය කරනුයේ තම අදහස් නොසඟවා විස්තර කිරීමට වුවද කාමය නැමති වචනය තුළින් විස්තර කිරීමට උත්සාහ ගන්නේ කවරක් දැයි යන ප්‍රශ්නය අප හමුවේ ඇත.

සෑම උදෑසනකම කාමය වරදවා නොහැසිරෙමියි කියමින් පන්සිල් ගන්නා කුඩා දරුවකු කාමය අර්ථ ගන්වන්නේ කෙසේද ? එමෙන්ම තරුණ වියේ සිටින්නෙකු පෙම් කරද්දී කාමය අර්ථ ගන්වන ආකාරයෙන් විවාපත් යුවළකට කාමය අර්ථ ගන්වා ගත හැකිද ?මේ අනුව පෙනී යන්නේ කාමය තුළ ඇති විවිධාර්ථයන්ට හේතුව නම් එහි ඇති සංකීර්ණත්වයයි .
විද්‍යාව කියනුයේ කාමය මිනිසාගේ සහජාසයක් වන බවයි. නැතහොත් එය පුරුද්දකි.

මෙම පුරුද්ද මානවයාගේ පමණක් නොව ජීවී ලෝකයේම පැවැත්ම වෙනුවෙන් වූ පුරුද්දකි. ඉන්දියානු ත්‍රන්ත්‍රවාදීන් පවසන්නේ මිනිසා සහ ගැහැනිය අතර ඇති වන සම්භෝගය මහා සුඛ යන නමිනි. එහි අරුත වන්නේ මහා ආනන්දය හෙවත් පැවසිය නොහැකි සංතෘප්තිය යන්නයි.

එමෙන්ම ඉන්දියානුවන් කාමය විද්‍යාත්මකව විස්තර කිරීමට ද උත්සාහ ගෙන ඇත. කජුරාවො පන්සලේ ඇති කැටයම් තුළින් පිළිඹිබු කරනුයේ විවිධාකාරයෙන් සංසර්ගයේ හැසිරෙන මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ ඉරියව් වේ. ඒ තුළින් කාමය වරදවා හැසිරීම නමින් අපි අර්ථවත් කරගෙන සිටින අදහස අභියෝගයට ලක්වීම වැලැක්විය නොහැක. ශිව ආගමිකයින් ශිව ලිංග පූජාවන් පැවැත්වීම තුළින් ලිංගිකය ආගමික කර ඇත. වජ්‍ර යනු දියමන්තිය හැඳීන්වීමට භාවිත කරන නමක් වනවා මෙන්ම පුරුෂ ලිංගය හැඳින්වීමට හාවිත කරන නමක් ද වේ. ඒ තුළ ලිංග වන්දනාව උත්කර්ෂයට ලක් කර ඇත.

සිදුහත් කුමාරයන් ගිහි ගෙය හැර යන්නේ, කාම සැපයේ උපරිම ලෙස ගැලීම තුළ ඇතිවූ කලකිරීම ද හේතු කරගෙන ය.
ඒ අනුව ගැලීම තුළ ආදීනව දැක අත් හැරීම සිදු කළේය. එසේම බුදු දහම තුළ කාමයේ ආදීනව ගිහියන්ට දක්වා නැත. මිනිසා නිබඳවම ගැහැනිය පිළිබඳවත් ගැහැනිය නිබඳවම මිනිසා පිළිබඳවත් ඇති කරගත් චිත්තාරම්මනයන් පෙරටු කොටගෙන සිටින අතර මේ නිසා ලෝකයේ පැවැත්ම ඇතිවන බවත් පෙන්වා දී ඇත. ලංකාවේ සිරකරුවෙකු ලෙස මහනුවර යුගයේ සිටි, රොබට් නොක්ස් පවා සඳහන් කර ඇත්තේ ලාංකිකයින් ලිංගිකත්වය පාපයක් ලෙස සැලකුවේ නැති බවකි.

එසේම අතීත ඉන්දියාවේ ගණිකා වෘත්තිය සැලකුවේ වැදගත් වෘත්තියක් ලෙසයි. අම්බපාලි නම් ගණිකාව බුදුන්වහන්සේට දානයක් සඳහා ආරාධනා කර තිබියදී, එම දිනයේ දානයක් සඳහා බුදුන් වහන්සේ වැඩමවා ගැනීමට රජුට අවශ්‍ය වූවද අම්බපාලිය තමා ආරාධනා කළ දිනය වෙනස් කර ගත්තේ නැත.

එයින් පැහැදිලි වන්නේ ගණිකාවක් වූ අම්බපාලියට පවා එදා සමාජයේ තිබූ ගෞරවණීය අවස්තාවයි. සමාජයේ පැවැත්මට අවහිරයක් නොවන පරිදි ලිංගික චර්යාවන්හි යෙදීම බුදු දහම තුළ පවා ප්‍රතික්ෂේප කර නැත. බුදු දහමේ ඉගැන්වෙන කාමය අප තේරුම්ගත් කාමයට වඩා සංකීර්ණ වන්නේ මේ නිසාවෙනි.

මෙහි අර්ථය වඩාත් ළං වන්නේ එච්. ඩී. ලොරන්ස්ගේ ලිංගිකත්වය පිළිබඳ අදහසට ය. ඉන්දියානු ත්‍රන්ත්‍රවාදීන් මෙන්ම ලොරන්ස්ද පැවසුවේ ද ගැහැනිය යනු අනන්තය සමඟ සිදු වන සම්භෝගයට ඇති දොරටුවක් ලෙසයි. මිනිසා සහ ගැහැනිය අතර සිදු වන සම්භෝගය තුළ ලිංගේන්ද්‍රිය පිනවීමේ ආශාව, රාග චේතනාව හා ප්‍රේමය යන තුනෙන්ම මිදිය යුත්තක් ලෙස ලොරන්ස් වරෙක විස්තර කර ඇත. “චැටර්ල් ආර්යාවගේ පෙම්වතා” කෘතිය අසභ්‍ය ප්‍රකාශනයක් නොවන බවට වූ නඩු තීන්දුව තුළ ඇත්තේ ලොරන්ස්ගේ මෙම චේතනාවයි.

කාම ප්‍රකාශන, කාම චිත්‍රපට වැනි වදන් තුළ අන්තර්ගත වන්නේ කාමය වැරදි දෙයක් වන බවයි. එසේම කාමයේ හැසිරීම සඳහා විවිධාකාරයෙන් කෙරෙන ප්‍රචාරණයන් තුළ දැකිය හැක්කේ කාමය වෙළඳපොළක් දක්වා වර්ධනය වී ඇති බවයි.

ලෝකයේ වැඩිම වෙබ් අඩවි අතර දෙවන ස්ථානයේ තිබෙන්නේ කාම වෙබ් අඩවි වේ. ඒ තුළ නොයෙකුත් ලිංගික ක්‍රියාකාරකම් සහ ඒ මඟින් පුළුල් කරන නිෂ්පාදන වෙළඳපොළක් වර්ධනය වී ඇත. වර්තමානයේ කාමය යනු ජනප්‍රිය සංස්කෘතියක් හා ඒ හා බැඳුණ වෙළඳපොළ අවශ්‍යතාව මත ගොඩනැඟුනකි. එහි අවසාන එලය වී ඇත්තේ සමාජ පැවැත්මට හානි වන මට්ටමට මේ වෙළඳපොළ වර්ධනය වෙමින් පැවතීමයි. එසේම විවිධාකාරයෙන් කැමරා උපක්‍රම සහ වෙනත් උපක්‍රම භාවිත කරමින් තනන චිත්‍රපට කර්මාන්තයක් ලෙස වර්ධනය වී ඇත.

ඒවායේ රඟපාන නළුනිළියන් පූර්ණකාලීනව තම වෘත්තිය ලෙස එය සිදු කරන බව අමතක කරන අය එම චිත්‍රපටවල ඇති ලිංගික අවස්ථාවන් උදාකර ගැනීම සඳහා විවිධාකාරයෙන් මුදල් වියදම් කරමින් සිටින බව වෙළඳපොළ සියුම්ව නිරීක්ෂණය කරන විට පෙනෙන දෙයකි. කාමය පිළිබඳව ඇති අනවබෝධය නිසාවෙන් වර්තමාන සමාජයේ ලිංගික ගැටලු වේගයෙන් වර්ධනය වෙමින් පවතී.

  1. පුහුදුන් සිත ගමන් කරන්නේ සෑම විටම අකුසලයට බරවය…..එය සරලව අවබෝද කරගැනීමට මෙම ලිපිය පිටිවහලක් වීම සම්බන්දව සටහනේ අයිතිකරුට ගෞරවනීය ස්තූතිය 🙏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14