කම්බ හොරු දෙදෙනෙක් අත්අඩංගුවට (ඡායාරූප)

ආහාරපාන, ලිපි ද්‍රව්‍ය ඇතුළු එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය කරන භාණ්ඩ හමුදා කඳවුරුවල සහ රාජ්‍ය ආයතනවල නම් භාවිත කරමින් අලෙවි නියෝජිතයන්ගෙන් ඇනවුම් කර එම භාණ්ඩ රැගෙන මුදල් නොගෙවා පළා ගොස් වංචාකළ පුද්ගලයින් දෙදෙනෙක් මහබාගේ පොලිසිය මඟින් අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනාගෙන් අයෙක් කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබලෙක් වන අතර අනෙක් සැකකරු 39 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා එක්ව ව්‍යාපාර අලෙවි නියෝජිතයන් අමතා ඔවුන්ගෙන් විවිධ ආහාරපාන, ලිපිද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ඇනවුම් කර ඒවා හමුදා කඳවුරු සහ විශ්ව විද්‍යාල වැනි රාජ්‍ය ආයතන ඉදිරිපිටට ගෙන්වා ගෙන තිබෙනවා.

පසුව මොවුන් කුලී රථ යොදාගෙන එම භාණ්ඩවලින් වැඩි කොටසක් පටවා ගෙන යන අතර, ඉතිරි භාණ්ඩ තොගය ලබාගැනීමට සියලු මුදල් ද රැගෙන එන බවයි එම අවස්ථාවල දී අලෙවි නියෝජිතවරුන්ට පවසන්නේ.

සැකකරුවන් දෙදෙනා එලෙස භාණ්ඩවලින් කොටසක් රැගෙන අලෙවි නියෝජිතවරුන් රවටා පළා යන අතර, එලෙස වංචනික ලෙස රැගෙන යන භාණ්ඩ ප්‍රදේශ රැසක තොග වෙළදුන් වෙත අඩු මිල ගණන්වලට විකුණා මුදල් ලබාගන්නා බවයි හෙළිව ඇත්තේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදුකළ විමර්ශනවල දී සැකකරුවන් දෙදෙනා එලෙස සොරාගත් ලක්ෂ 60ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන්ගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වල දී මේ ආකාරයට රුපියල් කෝටි ගනනක් වටිනා භාණ්ඩ තොගයක් පානදුර , කිරිබත්ගොඩ, මහබාගේ, මීගමුව, වත්තල, කදාන, බත්තරමුල්ල, කොටහේන, සීදුව සහ නාරාහේන්පිට යන ප්‍රදේශ තුළ සිටින අලෙවි නියෝජිතයන් රවටා සොරාගෙන අත්ගි බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ භාණ්ඩ තොගය අද (02) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

IMG 20241202 WA0043
IMG 20241202 WA0042


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16