කම්කරු නීති කෙටුම්පත සංශෝධනයට පත් කෙරුණු කමිටුව පළමු වරට රැස්වෙයි

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට අදාළ කෙටුම්පත් කර ඇති යෝජිත කම්කරු පනත සංශෝධනය කිරීම සඳහා පත් කෙරුණු අමාත්‍ය මණඩල අනුමැතිය ලත් කමිටුව අද (25) මුල්වරට රැස් වුණා.

කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යංශයේ දී මෙම ආරම්භක රැස්වීම පැවැත් වුණා.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස කටයුතු කරන අතර, එහි සෙසු සාමාජිකයින් ලෙස නීති ක්ෂේත්‍රයේ විද්වතුන් මෙන්ම මානව සම්පත් සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතුන් කිහිපදෙනෙකු කටයුතු කරනවා.

ඊට අමතරව කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද සහ කම්කරු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) මුදිතා පද්මජායි යන අය ද මෙම රැස්වීමට එක්ව සිටියා.

මෙම රැස්වීමේ දී කමිටුවේ අරමුණු සහ අභිමතාර්ථ පිළිබඳ අමාත්‍යවරුන් දෙදෙනා අදහස් දැක්වුවා.

ඒ, අනුව වෘත්තීය අයිතිවාසිකම් සුරකිමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් හඳුන්වා දී ඇති කම්කරු ප්‍රඥාප්තීන් වලට අනුගතව මෙම සංශෝධන සහිත පනත ඉදිරිපත් කිරීම රජයේ අපේක්ෂාව බව එහිදී ප්‍රකාශ කෙරුණා.

ඊට අමතරව ත්‍රයිපාර්ශ්වීය සබඳතා තහවුරු කරමින් කාර්මික සාමය ස්ථාපනය වන පරිදි නූතනත්වයට ගැළපෙන යෝජිත සංශෝධන පනත සකස් කිරීමට නියමිතයි.

මෙහිදී කමිටු සාමාජිකයින්ද සිය අදහස් පළ කළ අතර, නිශ්චිත කාලරාමුවකට යටත්ව කමිටුවේ කාර්ය භාරය සම්පූර්ණ කිරීමට එකඟත්වය පළ කෙරුණා.

කඩිනමින් අදාළ කෙටුම්පත සමාලෝචනය කිරීමටත් ඊට සුදුසු ක්‍රමවේදය පිළිබඳවත් කමිටුවේදී අදහස් ඉදිරිපත් කෙරුණා.

පැවති මංගල රැස්වීමේදී කමිටු සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානයද අමාත්‍යවරුන් විසින් සිදු කළා.

කම්කරු නීති කෙටුම්පත සංශෝධනය සඳහා පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල කමිටුව එළැඹෙන සැප්තැම්බර් 11 වනදා යළි රැස්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14