කමලා හා ට්‍රම්ප් අතර විවාදයට දින නියම වෙද්දී; ට්‍රම්ප්ට මැතිවරණ චෝදනාත් ගොනු වෙයි

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජෝ බයිඩෙන් පරාජයට පත්වීමෙන් පසු 2020 මැතිවරණයට මැදිහත් වීමට උත්සාහ කළ බවට එක්සත් ජනපද නඩු පවරන්නන් ඔහුට එරෙහිව නව චෝදනා ගොනු කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

ඔවුන් පසුගිය මාසයේ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරුන් බලයේ සිටියදී නිල ක්‍රියාවන් සඳහා අපරාධ නඩු පැවරීමෙන් පුළුල් මුක්තියක් භුක්ති විඳින බවයි.

සංශෝධිත අධිචෝදනා පත්‍රය ට්‍රම්ප්ට එරෙහි අපරාධ චෝදනා හතරක් ඉදිරිපත් කර තිබෙනවා.

2020 මැතිවරණයේ දී පුළුල් ව පැතිරුණු ඡන්ද වංචාවක් සිදු වූ බවට සාක්ෂි නොමැතිව ට්‍රම්ප් සිය කටයුතු කරගෙන ගෙන ගිය ද, මැතිවරණ ඇඟිලි ගැසීම් චෝදනා ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙහිදී කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විවාදයක් එළඹෙන සැප්තැම්බර් 10 වනදා පැවැත්වීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරනවා.

එහිදී ට්‍රම්ප් විසින් මෙම විවෘත සාකච්ඡාවට එකඟතාව පළ කර ඇති බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් කමලා හැරිස් විසින් තවමත් එකඟතාව පළ කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16