සිය මව සමග රෝගයක් සඳහා ප්රතිකාර ලබා ගැනීමට නිට්ටඹුව ප්රදේශයේ සිට, කොකාවැව ප්රදේශයේ දේවාලයකට පැමිණි පාසල් සිසුවියකට ලිංගික අතවරයක් සිදු කළ බවට සැක කෙරෙන කපුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොකාවැව පොලිස් වසමේ අලුත් දිවුල් වැව ප්රදේශයේ දේවාලයක් පවත්වා ගෙන යන පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
නිට්ටඹුව කලගෙඩිහේන ප්රදේශයේ දැරියකට අද්භූත බලවේගයක් වැළඳී ඇතැයි පවසමින්, එම දැරිය මව සමග සාත්තුවක් කර ගැනීමට මෙම දේවාලයට පැමිණ සිටියදී මෙලෙස අතවරයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළා
දැරියට වැළඳී ඇති අද්භූත බලවේග ඉවත් කිරීම සඳහා සාත්තුවට අවශ්ය වැඩ කටයුතු සූදානම් කර, දැරිය සහ මව දේවාලය තුලට කැඳවා යාතිකා කරමින් සිටියදී කපුවා විසින් මවට එළියට යන ලෙස පවසා ඇතැයි පොලිසිය කියයි.
පසුව සැකකාර කපුවා මායම් වී කඩවර දෙවියන් දෙවියන් පැමිණ ඇති බව පවසමින් දැරියට ඇඳුම් ගලවා දමන ලෙසට පවසා ඇති අතර, දැරිය එයට විරුද්ධ වූ පසු සැකකාර කපුවා කිහිප වතාවක්ම ‘කඩවර දෙවියන් පැමිණ ඇති බව’ පවසමින් ලිංගික අතවර සිදු කර ඇති බව පැමිණිල්ලේ සටහන්ව ඇතැයි පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර කපුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මේ සම්බන්ධයෙන් දැරිය නිවෙසට ගොස් මවට පැවසීමෙන් පසු, මව නිට්ටඹුව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව, එම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොකාවැව පොලිසියට භාරදී තිබේ.
