spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කපිලවස්තු පුර නිසැක සර්වඥ ධාතු ටිබෙටයට ප්‍රදානය කරයි (ඡායාරූප)

වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේ ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් වෙත පිරිනමා තිබෙනවා.

පරම්පරා ගණනාවක් පුරා වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරයේ සංරක්ෂණය කර ආරක්‍ෂා කර තිබූ මෙම අගනා කපිලවස්තුපුර ධාතූන් වහන්සේගේ භාරකරු වන්නේ පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නායක ස්වාමීන් වහන්සේයි.

හිමචල් ප්‍රදේශ්හි ධරම්ශාලා නගරයේ දී ධාතූන් වහන්සේ ප්‍රදානය වෙනුවෙන් විශේෂ උත්සවයක්ද සංවිධාන කර තිබුණා.

කන්ග්රා ගුවන් තොටුපලේ සිට දලයි ලාමා තුමන් වැඩ සිටින විහාරස්ථානය වෙත ධාතූන් වහන්සේ වැඩම කරවූයේ අසිරිමත් පෙරහැරකින්.

මෙම අවස්ථාවට භික්ෂූන් වහන්සේලා සහ ටිබෙට් අනුගාමිකයන් 3000කට අධික පිරිසක් එක්ව සිටියා.

image 14
image 15
image 15
image 16
image 16
image 17
image 17
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?