සහෝදරයින් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කරලා

කපා කොටා ඝාතනය කරන ලද තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (15) උදෑසන ග්‍රෑන්ඩ්පාස්, ජබොස් ලේන් පෙදෙසේ දී සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 21 සහ 22 යන වයස්වල පසුවන සහෝදරයින් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

දෙපිරිසක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතන සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.