කප්පාදු කළ වැටුප දෙන්නැයි කියා විශ්‍රාමික ගුරු – විදුහල්පතිවරු පාරට බසිති

විශ්‍රාමික ගුරු විදුහල්පතිවරුන්ට හිමි වැටුප ලබාදෙන ලෙස ඉල්ලා අනුරාධපුරයේ දී උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු ඉන්දික රංගජීව සඳහන් කළේ අද දහවල් අනුරාධපුර නගර මංසන්ධියේ දී මෙය පැවැත්වුණු බවයි.

මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ විශ්‍රාමික ගුරු විදුහල්පති එකමුතුව හා විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධාන එකමුතුව විසින්.

1997 වර්ෂයේ දී අහිමි කළ අංක 3/2016 (iv) හා 2022 – 01-05 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් නොසලකා හැර ඇති විශ්‍රාමික ගුරු – විදුහල්පති වැටුප යළිත් ලබාදෙන ලෙස පවසමිනුයි මෙම විශ්‍රාමිකයින් විරෝධතාව පැවැත්වූයේ.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ දැනට ලැබෙන විශ්‍රාම වැටුපෙන් විශ්‍රාමිකයින්ට ජීවත්වීමට නොහැකි බැවින් මෙවර අය-වැයේ දී සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ විශ්‍රාමිකයින්ට රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස විශ්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ හා විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ. සුමතිපාල වත්මන් ආණ්ඩුවට බල කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38