කප්පාදු කරන්නේ ඇයි කියලා පැහැදිලි කරන ඇමතිතුමා

විදුලිය කප්පාදුව සිදුකෙරෙන වේලාවන් පිළිබඳ ජනතාව දැනුවත් කළ ද තෙල් තොග ලැබීම හේතුවෙන් විදුලි කප්පාදුව මේ දිනවල සිදුනොවන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

තාප බලාගාර සඳහා අවශ්‍ය තෙල් තොග නොකඩවා සපයමින් තිබෙන බව ද පැවසු අමාත්‍යවරයා, පසුගිය 5 වන සිට විදුලි කප්පාදුව සිදුනොවු බවත් තැන් කිහිපයක පමණක් විදුලි කප්පාදුව සිදුකළ බවත් කියා සිටියේය.

වැඩිදුටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ඇත්ත වශයෙන්ම 5 වෙනිදා ඉඳලා කැපුවේ නෑ. මේ සමහර තැන්වල පොඩි පොඩි වේලාවක් කැපුවා මිසක් කැපුවේ නෑ. දැන් ඊයේ කැපුවේ නෑ. අද කපන්න ඕනේ නෑ. නමුත් අපේ PUCSL එක කියනවා පැය දෙක දෙක කපනවා කියලා. අපි මොකද ඒකට කරන්නේ. එයා බොහෝම කැමතියි මාධ්‍යයට යන්න මං හිතන්නේ.”

ප්‍රශ්නය – ඔබතුමන්ලා වගකිව යුතු ඇමතිතුමන්ලා හැටියට මේ ගැන පියවරක් ගන්න බැරිද ?

“ඒක අපි ජනාධිපතිතුමාට කියලා තියෙනවා. එතුමා කියලා තියෙනවා විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කරන කල් මොනම ප්‍රකාශයක්වත් කරන්න එපා කියලා.”

ප්‍රශ්නය – එතකොට මහජන උපයෝගීතා කොමිසම මේ කපන්නේ අවශ්‍යතාවයක් නැතුව තියාගෙන ද ?

“ඒ කියන්නේ, විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම අනුව. තෙල් නාවොත් කපන්න වෙනවා නම්, මහජනයා දැනුවත් කරන්න ඕනේ කපන වේලාව. ඒ නිසා එයාලා  PUCSL එකට දාලා වේලාවන් ඉල්ලා ගන්නවා කපන්න. නමුත් ඒ කාලසටහන අනුව කපන්න යන්නේ නෑ.” 

ප්‍රශ්නය – ඇමතිතුමා මිනිස්සු අනාථවෙනවා නේ.

“කොහොම ද අනාථ වෙන්නේ ? ඒ කැපෙනවා කියන්නේ මිනිස්සුන්ට ලෑස්තිවෙලා ඉන්න. ඒත් අපිට තෙල් හම්බවුණාම අපි කපන්නේ නෑ. දැන් මේ පළාතේ කොහේහරි අද කැපුව ද? ඊයේ කැපුවෙත් නෑ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57