කප්පම් ගැනීමට උත්සහ කළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට

කල්පිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන්ගත් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂයක කප්පම් ලබාගැනීමට උත්සාහ කළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ජූනි 6 වන දින එය සිදුව ඇති බවය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඊයේ දිනයේ දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අධිකරණය හමුවට අද (08) ඉදිරිපත් කිරීමට නියමිතය. 

  1. මහා පරිමාණ කුඩු,පගා, ගසාකන,බිලියන ගනන් මඩි ගහන කම්බ හොරි 225ක් ගරුබුහුමන් ඇතිව පාර්ලිමේන්තුවේ ……