කඳෙන් වෙන් වූ අතක් සාර්ථකව බද්ද කළ විශ්මිත සැත්කම (ඡායාරූප)

කොහු අඹරන යන්ත්‍රයකට අසු වී දකුණු අතේ කොටසක් වෙන් වූ කතාවකට, යළි එම අතේ කොටස බද්ධ කළ සාර්ථක සැත්කමක් මහනුවර ජාතික රෝහලේ දී පසුගිය දා සිදුකර තිබෙනවා.

පැය හයක පමණ සැත්කමකින් පසු එම අත් කොටස ඉතා සාර්ථකව බද්ධ කිරීමට හැකි වූ බවයි සැත්කම සිදුකළ එම රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ වෛද්‍ය අමිල සසංක රත්නායක ඇතුළු කණ්ඩායම සඳහන් කළේ.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කොහු අඹරන යන්ත්‍රයක් පිරිසිදු කරමින් සිටින අවස්ථාවේ දී එය එක්වරම ක්‍රියාත්මකව ඇගේ දකුණු අතේ වැලමිටට ඉහළින් කොටස යන්ත්‍රයට අසු වී කැඩී වෙන්ව තිබෙනවා.

එහිදී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති රෝගියා මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු කඩිනමින් මහනුවර ජාතික රෝහලට මාරුකර යැවීමට වෛද්‍යවරු කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් වෙන් වූ අතේ කොටස අයිස්වල ගිල්වා ඉතා සුරක්ෂිතව රෝහල කරා යොමුකිරීමට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණා.

අනතුරුව මහනුවර ජාතික රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායකගේ මෙහෙයවීම යටතේ
වෛද්‍ය උදය කිරිදෙන, වෛද්‍ය සතිර ප්‍රේමරත්න, විකලාංග ශල්‍ය වෛද්‍ය,ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී උදාර රත්නායක, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය උඩුවෙල ඇතුළු පිරිසක් මෙම සැත්කම සඳහා එක්ව ඇති බවයි වාර්තා වුණේ.

සැත්කමට භාජනය වූ රෝගියා විශේෂ අධීක්ෂණය යටතේ මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, මේ වන විට කිසිදු සංකූලතාවයක් ඇය වෙතින් දක්නට නොලැබෙන බව වෛද්‍යවරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25